චිත්‍රපටයක් පෙන්වන්න මාර ගේමක් දෙන්න වෙනවා

167

මේක ඇත්තටම ප්‍රේම කතාවක්
කලර් හදපු ඉසුරු අවුරුදු දහයකට පස්සේ චිත්‍රපටයක් හදයි

තරුණ අධ්‍යක්‍ෂවරුන් දෙදෙනකු එක්ව කළ සිනමා නිර්මාණයක් වන “නිමි” චිත්‍රපටය මේ දිනවල රිද්මා මණ්ඩලයේ සිනමාශාලා ඇතුළුව සිනමාශාලා හි තිරගත වේ. චතූ පෙරේරා සමගින් ඉසුරු වීරසිංහමුදලි “නිමි අධ්‍යක්‍ෂණය සිදු කරමින් සිනමාවට අවතීර්ණ වූ තරුණ අධ්‍යක්‍ෂවරයෙකි. දිගුකලකට පසුව ඉසුරු සමඟ මේ කතාබහ “නිමි” නමැති චිත්‍රපටයේ නවතම සිනමා අධ්‍යක්‍ෂණය ගැනය.

චිත්‍රපටයක් පෙන්වන්න මාර ගේමක් දෙන්න වෙනවා

ඇයි මෙච්චර කලක් ගියේ තවත් නිර්මාණයක් සිදුකරන්න.

මම 2010 වසරේ තමයි ‘කලර්’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය සිදු කරන්නෙ. නමුත් 2012 වසරේ තමයි ‘කලර්’ චිත්‍රපටය ප්‍රදර්ශනය සිදුකරන්නේ. අවුරුදු දහයකට පස්සේ තමයි මගේ දෙවැනි නිර්මාණය වන ‘නිමි’ චිත්‍රපටය තිරගත කිරීම සිදු කරන්නේ. නවක සිනමාකරුවෙක් විදියට ක්‍ෂේත්‍රයට පිවිසිලා අවුරුදු දහයක් යනකම් දෙවැනි නිර්මාණය තිරගත කරන්න බැරිවුණා කියන්නේ අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ කර්මාන්තයේ මේ ප්‍රශ්නයට මුහුණ දුන්න එකම අධ්‍යක්‍ෂවරයා මම විතරක් නොවෙයි. මේ අවුරුදු දහය ඇතුළත ගත්තොත් චිත්‍රපට දෙකක් නිර්මාණය කරලා ප්‍රදර්ශනය කරපු අධ්‍යක්‍ෂවරයකු හරිම අඩුයි.

චිත්‍රපටයක් පෙන්වන්න මාර ගේමක් දෙන්න වෙනවා
චිත්‍රපටයක් පෙන්වන්න මාර ගේමක් දෙන්න වෙනවා

නවක සිනමාකරුවන්ට මේ ක්‍ෂේත්‍රයේ අවකාශයක් නැහැ කියලද කියන්නේ?

ඇත්තටම සිනමාවේ ප්‍රශ්නය තියෙන්නේ අපි සිතන තැන නෙමෙයි ද කියලත් වෙලාවකට හිතෙනවා. මොකද ලෝකයේ නිර්මාණ කරන්න තමයි හරිම අමාරු. ලංකාවේ නිර්මාණ සිදු කරන්න ලේසියි. නමුත් පෙන්වන්න මාර ගේමක් දෙන්න වෙනවා. මේක ඇතුළේ හරියට හිත්රිදීම් වැඩියි. චිත්‍රපටයක් හැදුවට පස්සේ මොකක්ද කරන්නේ කියන කාරණාව හරිම තේරුම් ගන්න බැරි තැනක තමයි තියෙන්නේ.

‘නිමි. චිත්‍රපටය නිර්මාණය කරද්දී ඔබ දෙපළට ආපු අභියෝග මොනවාද?

මේ චිත්‍රපටය නිර්මාණය කිරීමේදී යම් අරමුණක් තිබුණා. ඒ අරමුණ තමයි 2012 චිත්‍රපටයක් නිර්මාණය කරලා අපි බලාගෙන ඉන්නවා” නිර්මාණයක් ඇතුළේ ලංකාවේ සිනමාව ඇදවැටිලා කියල බලාගෙන ඉන්න බැහැ. මොකද අපේ වයසත් එක්ක ලංකාවෙ සිනමාව හැදෙනකම් බලාගෙන ඉන්න පුළුවන් වයසක නෙමෙයි අපි ඉන්නේ. එතකොට අපට සිද්ධ වෙනවා මේ ක්‍රමයට අනුගත වෙලා චිත්‍රපටයක් නිර්මාණය කරන්න. ඇත්තම කිව්වොත් මේ ක්‍රමයට අනුගත වෙලා හදපු පර්යේෂණාත්මක චිත්‍රපටයක් තමයි ‘නිමි. කියන්නේ. ‘නිමි. නිර්මාණය සිදුකරගෙන යෑමේදී අපට දුෂ්කරතා රැසක් තිබුණා. ඒ අභියෝග සියල්ල අවසානයේදී අපිට කළමනාකරණය කරගන්න පුළුවන් වුණා.

චිත්‍රපටයක් පෙන්වන්න මාර ගේමක් දෙන්න වෙනවා

ඇත්තටම මෙහි පිටපත ගැන කතා කළොත්?

මේක ඇත්තටම ප්‍රේම කතාවක්. චිත්‍රපටය අවසානයේදී නොහිතපු විදිහට හැරවුම් ලක්ෂ්‍යයක් සිද්ධවෙන චිත්‍රපටයක්. ගොඩක් තැන්වලදී මේක සාම්ප්‍රදායික ප්‍රේම කතාවක් විදිහට ගිහිල්ලා වෙනස්ම විදිහේ අවසානයක් සිද්ධ වෙනවා. මතුපිටින් බැලුවහම කියැවෙන්නේ ප්‍රේමය වෙනුවෙන් තරුණියකට සිද්ධවෙන ඛේදනීය ඉරණමක් ගැන තමයි.

මේ චිත්‍රපටයට ජනප්‍රිය නළු නිළියන්ට වඩා වෙනස් මුහුණු ටිකක් තමයි සම්බන්ධ කරගෙන තිබෙන්නේ.

රොෂාන් රණවන කියන්නේ මම හරි ආසාවෙන් වැඩ කරන්න කැමැති නළුවෙක්. මොකද මම මීට කලින් ඔහුත් සමග වැඩ දෙකක් කරලා තියෙනවා. ඔහුගේ වෙනස්ම රංගන පරාසයක් තිබෙනවා. රතී කියලා කියන්නේ මේ දමිළ චරිතයට අතිශය ගැළපෙන කෙනෙක්. ඇයට මේ චරිතය නිසාම සිනමාවේ යම් තැනක් හැදිලා තියෙනවා. කාවිංගත් ඔහුගේ චරිතයට අතිශය සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා. මම මේ චිත්‍රපටය මල්කි නානායක්කාර සහ ලලිත් ජයසිංහ කියලා නවක නළු නිළියන් දෙපළක් පාවිච්චි කරනවා. මම ඔවුන්ගේ රංගන පරාසය දැනගෙන තමයි මේ වැඩේට භාවිතා කළේ. අනික මට ඕනෑ වුණා නිතර හම්බවෙන සුසංයෝගයක් භාවිතා නොකර” වෙන චරිත ටිකක් පාවිච්චි කරන්න. ඒකයි මම ඒ වගේ කණ්ඩායමක් භාවිතා කළේ.

ඔබත් සමඟ චතූ පෙරේරාත් අධ්‍යක්‍ෂණය සඳහා සහභාගි වෙනවා.?

මේක අතිශය කණ්ඩායම් ව්‍යාපෘතියක්. මේ කණ්ඩායම් ව්‍යාපෘතිය ඇතුළෙ සමහර තැන්වලදී අපිට නාමාවලියේ ස්ථාන තිබ්බේ නැහැ. චතුයි මමයි හොඳ යාළුවෝ. අපි දෙන්නා තමයි මේක සම අධ්‍යක්‍ෂණය සිදු කළේ. අපි දෙන්නා අන්ත දෙකක ඉඳලා වැඩ කරන දෙන්නෙක් වුණාට ‘නිමි. නිර්මාණය සිදුකරද්දි එක තැනක ඉඳලා ඊට සාධාරණය ඉටුකරන්න උපරිම මහන්සි වුණා.

මේ වගේ අර්බුද කාලයක චිත්‍රපටයක් ප්‍රදර්ශනය සිද්ධ කරනවා කියන්නේ ලොකු අභියෝගයක් නේද?

මම අසූව දශකයේ ඉපදුන කෙනෙක්. දැන් 2022 වසරට ඇවිත් තිබෙනවා. මම හිතන්නේ නැහැ මේ කාලය ඇතුළත අර්බුදයක් මේ රටේ නැතිවුණ දවසක් තිබුණා කියලා. මේ වෙනකොට අපිට හම්බවුණේ අර්බුදම තමයි. ඉදිරි කාලයේ දී අපිට අර්බුදයක් නොවන තැනක සිනමාව කරන්න පුළුවන් කියන කාරණයට වඩා මම අර්බුදය ඇතුළේ සිනමාව කොතරම් දුරට කරන්න පුළුවන්ද කියන අත්හදා බැලීමේ තමයි හිටියේ. මම හිතනවා මේක සාර්ථක වෙයි කියලා. මම මුලින් කිව්ව වගේ අපේ පර්යේෂණාත්මක ව්‍යාපෘතිය වෙන්නෙම මේ වගේ අර්බුද අවස්ථාවකදී අපිට ගුණාත්මක නිර්මාණයක් කරලා ඒක කොහොමද එළියට දාන්නේ කියන කාරණාව. මම හිතනවා ඒ පරීක්‍ෂණයෙන් අපිට සමත් වෙන්න පුළුවන් වේවි කියලා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment