චිත්‍රපටයත් ඉන්ධනවල දියවෙයි

230

රටේ පවතින උග්‍ර ඉන්ධන අර්බුදය නිසා සිංහල චිත්‍රපට කර්මාන්තය ඉතා අසීරු තත්ත්වයකට පත්වී ඇතැයි ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්‍ෂ උදයකාන්ත වර්ණසූරිය මහතා දිවයිනට (17 දා) ඊයේ කියා සිටියේය.

කොරෝනා වසංගත තත්ත්වය නිසා වසර දෙකකට වැඩි කාලයක් චිත්‍රපට රූගත කිරීම් මෙන්ම ප්‍රදර්ශනය පවා කිරීමට නොහැකිවූ හේතුව නිසා නිෂ්පාදන අධ්‍යක්‍ෂවරු ඇතුළු චිත්‍රපට කාර්මිකයින් අසීරු තත්ත්වයට මුහුණ පෑ බවද හෙතෙම කීවේය.

කොරෝනා වසංගතය නිමවීමෙන් පසු චිත්‍රපටි රූගත කිරීම් යළි ආරම්භ කිරීමට සූදානම් වූ මොහොතේ ඉන්ධන අර්බුදය පැන නැගුණු බවද උදයකාන්ත වර්ණසූරිය මහතා කීවේය.

අලුත් චිත්‍රපටවලට රඟපෑම සඳහා ගිවුසුම් ගත් ප්‍රධානපෙළේ නළු නිළියෝ අතිරේක නළු නිළියෝ කැමරා ශිල්පීන් මෙන්ම සිනමාවට සම්බන්ධ සියලු කලා ශිල්පීන් අද ඉතා අසරණ තත්ත්වයට මුහුණ පා ඇතැයිද හෙතෙම කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment