චිත්‍රපටය බලපු හය වතාවේම පුබුදු ඇඬුවා – මාෂි සිරිවර්ධන

239

තිරයේදී චන්නට ආදරය කළාට එයාගෙන් විරුද්ධත්වයක් නෑ…

සුන්දර සිනහවකින් වත සරසා ගත් අව්‍යාජ මෙන්ම ඉතා මනස්කාන්ත කතා විලාසයකින් අන් සිත් ඇදබැඳ ගන්නට සමත්” සිනමාව ඒකාලෝක කිරීමට පායා එන සුන්දර තාරුකාවක් එක්කයි අද අපි කතා කරන්නේ. ‘යුගාත්‍රා. සිනමාපටයේ “සමාධිට” පණපොවමින් “යුගාත්‍රා” හැඩ කළ හැඩකාර” දඟකාර ඇය ඔබ කොයි කවුරුත් ආදරය කරන පුබුදු චතුරංග ගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධනයි.

චිත්‍රපටය බලපු හය වතාවේම පුබුදු ඇඬුවා - මාෂි සිරිවර්ධන

මාෂිට “යුගාත්‍රා” සිනමාපටයට ඇරයුම් ලැබුණේ කොහොමද?

චන්න අයියා” පුබුදු අයියලා කොහොමත් ඔක්කොමලා එකම යාළුවෝ ටික. ඒගොල්ලො හම්බ වෙන වෙලාවල් වලදී මාවත් හම්බ වෙනවා. ඔහොම එක දවසක් පාර්ටි එකකදී හම්බුණාම තමයි චන්න අයියා මේ යෝජනාව කළේ. එයා ෆිල්ම් එකක් කරන්න ඉන්නවා මාෂිව ඕනෑ කියලා. ඉතින් ඊට පස්සේ අපි වෙනමම මීටින් තිබ්බා. එතැනදි ිජරසචඑ එක මට ගෙනත් දුන්නා. එකත් ලස්සනයි. ඊට පස්සේ තමයි මම සම්බන්ධ වුණේ.

පුබුදු කැමැති වුණාද ඒ යෝජනාවට?

ඔව්” කියනකොටම පුබුදු අයියත් කැමැති වුණා. එයාගේ එහෙම ප්‍රශ්නයක් නැහැ. අනෙක එයාගේ යාළුවා නිසා චන්න අයියත් ලස්සන වැඩක් කරනවා කියලා පුබුදු අයියා දන්නවා.

පිටපත අතට දුන්නාම පුබුදුගෙන් අවසර ගන්න වුණාද?

නැහැ” එහෙම නෑ. එයා එහෙම මුකුත් කියන්නේ නැහැ. සමහර වෙලාවට මට පිටපතක් තේරුණේ නැති වෙලාවට එහෙම” මොකද ඇත්තටම අපි තවම නවකයොනේ. එහෙම ලොකුවට තේරෙන්නේ නැහැනේ ඉතින් පිටපතක් කියවපු ගමන්ම. ඒ නිසා මම පුබුදු අයියගෙන් ඒක අහනවා. කොහොමත් වැඩක් හොඳයි නම් ඉතින් එයා හොඳයි කියලා කියනවා. නැතුව එහෙම කිසිම බාධාවක් නම් නැහැ.

චිත්‍රපටය බලපු හය වතාවේම පුබුදු ඇඬුවා - මාෂි සිරිවර්ධන

ඔහුගෙන් ලැබෙන සහයෝගය ගැන කතා කළොත්?

කොහොමත් මට ගෙදර වැඩවල ඉඳලම හැමදේටම සහයෝගය ලබා දෙනවා. මගේ අත් දෙක වගේ මට නම් එයාව දැනෙන්නේ. මගේ හැම දේකදීම මට එයාව නැතුව බැහැ. කොහොමත් චරිතයක් වෙනුවෙන් එයා කවදාවත් අරම කරන්න” මෙහෙම කරන්න කියන්නෙ නැහැ.

මාෂි චන්නට ආදරේ කරනවට පුබුදු අකමැති වුණේ නැද්ද?

නැහැ” එයා ඉතින් මටත් වැඩිය දන්නවනේ රංගනය කියන්නෙ කොයි වගේ එකක්ද කියලා. ඒ නිසා එහෙම පොඩ්ඩක්වත් ප්‍රශ්නයක් නැහැ. එයා තවත් ආසයි මම ලස්සනට දෙයක් කරනවනම්.

චිත්‍රපටය බලපු හය වතාවේම පුබුදු ඇඬුවා - මාෂි සිරිවර්ධන

ෂූටින් බලන්න පුබුදුත් ආවද?

නෑ නෑ. එයා ආවේ නෑ. එයා ඇරෙන්න අනිත් ඔක්කොම ආවා. මුල් දවස්වල මගේ අම්මිත් එක්ක මම ගියා. ඊට පස්සේ පුබුදු අයියගේ අම්මත් එක්ක ගියා. ඒ ආපු වෙලාවේ පුබුදු අයියගේ අම්මට තේරුණා පුතා කරන රස්සාවේ දුක. මොකද ඊට කලින් කවදාවත් අම්මා ෂූටින් බලන්න ගිහින් තිබුණේ නැහැ. මම අයියගේ ෂූටින් එකට ගිහිල්ලත් නැහැ” එයා මගේ ෂූටින්වලට ඇවිල්ලත් නැහැ. මොකද ඒක ලොකු කරදරයක් අනෙක් අයටත්.

ෆිල්ම් එක බලලා ඉවර වෙලා එයා මොකද කිව්වේ?

කොහොමත් එයාගේ කමෙන්ට් එක හොඳයි කියන්නේ මම සාර්ථකයි. මොකද එයා ගොඩක් ෆිල්ම්ස් බලන” හොඳ රසිකයෙක්. එයාට හොඳට ලියන්නත් පුළුවන්. එයා හොඳ විචාරකයෙක්. ඉතින් මට ගොඩක් සතුටුයි. පුබුදු අයියා හය පාරක් බැලුවා ෆිල්ම් එක. ඒ හැම පාරම එයා ඇඬුවත් එක්ක. නදීකා ගුණසේකර අක්කගේ අතිවිශිෂ්ට රංගනයක් තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රවීණයන් එක්ක රඟපාන්න ලැබුණ එකත් මම ලොකු භාග්‍යයක් ලෙස සලකනවා. ගෙදර දකින චරිතෙම මම ෆිල්ම් එක තුළිනුත් දැක්කා කියල අයියා කිව්වා. ඉතින් පුබුදු අයියා ගොඩක් සතුටු වුණා “යුගාත්‍රා” බලලා.

“යුගාත්‍රා” චිත්‍රපටයෙන් මාෂිගේ ජීවිතයට මොන වගේ අත්දැකීමක්ද ලැබුණේ?

දැනට මම ෆිල්ම් හතරකට විතර තමයි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. මට තියෙන්නේ ඒකෙන් ලබා ගත්ත අත්දැකීම් තමයි. මේ කතාව ටිකක් වෙනස් ‘චන්න අයියා එක්ක වැඩ කරන එක වෙනස්ම එකක්. ෂූටින් කරනකොට එක එක බාධකවලටත් මුහුණ දුන්නා. මොකද මස්කෙලියෙ ෂූටින් තිබුණේ. මට එක දවසක් හවස ෂූට් එකක් කරගන්නත් බැරි වුණා. ඒ තිබුණ සීතල නිසා. තව දවසක් ෂූටින් වෙලාවේ අපේ සහාය කලා අධ්‍යක්ෂකට සර්පයෙක් දෂ්ට කළා. එයාව හොස්පිට්ල් අරං ගියා. ඒත් අපිට ෂූට් එක නතර කරන්න බැහැනේ” අපි එක දිගටම කරගෙන ගියා. චන්න අයියත් මාව දැම්ම මුලින්ම එතැනම ෂූට් එක කරන්න කියලා. මම පුදුම විදියට බය වෙලා හිටියේ. සමහර අඬන දෙබස්වල මම බැණුම් අහලම ඇත්තටම අඬලා හිටිය නිසා අඬන්න ඕන වුණෙත් නැහැ. ඒ වගේ ඉතිං ලේසි නැහැ. හැම මොහොතක්ම ජීවිතේට අත්දැකීම් තමයි ලබා දුන්නේ.

මේ වෙනකොට රසිකයන්ගෙන් මොනවගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?

දැනට බලලා තියෙන රසිකයන් නම් මාර විදියට හොඳයි කියලා කියනවා. මම හිතුවේ නැහැ එයාලා එච්චරටම මට ආදරේ කරයි කියලා. මගේ නම කියලම කියනවා “අනේ සමාධි අපිට දුකයි” එහෙම කියලා” ආදරේ එවනවා. අනික සීනියර් ආර්ටිස්ලාගෙනුත් ගොඩක් ප්‍රතිචාර ලැබුණා. මම හිතනවා ඉතින් දිගටම රසිකයෝ මගේ චරිතයට ආදරේ කරයි කියලා.

කොහොමද විවාහ ජීවිතයේ ?

ඒක තමයි මම ආසම දේ. මගේ ජීවිතේ වුණ හොඳම දේ. ගිය මාසෙට අපි බැඳලා අවුරුදු 5ක් සම්පූර්ණ වුණා. අපි යාළුවෙලා හිටිය කාලෙට වැඩිය දැන් කාලෙට තමයි මම ගොඩක්ම කැමති. ආදරේ එන්න එන්න වැඩි වෙනවා. දෙන්නම කොහොමත් එකටමයි ඉන්නේ. මට පුබුදු අයියගෙන් ලැබෙන සහයෝගයත් වැඩියි සහ එයාව යාළුවෙක් වගේ දැනෙන්නේ. මම ඒකට හරිම ආදරෙයි.

2023 ජීවිතේ අලුත් බලාපොරොත්තු මොනවද?

පුබුදු අයියා පළමුවරට කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. ඒකට මමත් එයත් එක්ක රංගනයෙන් දායක වෙනවා. ඉදිරියේදී තවත් අලුත් වැඩ ටිකකුත් කරන්න තියෙනවා.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment