චිත්‍ර ශිල්පියෙකුට පරිසරයේ සෑම අංගයක්ම සුවිශේෂයි – ආචාර්ය රංජිත් ධර්මතිලක

190

SHAPES – 02 වැනිදා සිට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේදී…

ආචාර්ය. රංජිත් ධර්මතිලකගේ 8 වන ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය – හැඩ (SHAPES) කොළඹ 07, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, දෘශ්‍ය කලා පීඨය, ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී 2022 දෙසැම්බර් 02 සිට 04 දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 7.00 දක්වා ජනතාව සඳහා විවෘතව තැබේ. තම චිත්‍ර දැක්ම පිළිබඳව අදහස් දැක්වූ ආචාර්ය රංජිත් ධර්මතිලක මහතා,

චිත්‍ර ශිල්පියෙකුට පරිසරයේ සෑම අංගයක්ම සුවිශේෂයි - ආචාර්ය රංජිත් ධර්මතිලක

ස්වභාවධර්මයේ ඇති වර්ණ වර්ණාවලියට අයත් බව අපි දනිමු. එම වර්ණ පරාවර්තනය වීමෙන් වර්ණ ප්‍රභේද නොහොත් වර්ණ තානික ගොඩනගයි- ස්වභාවධර්මයේ ආකාරයක්, විලාශයක්, හැඩයක්, අවස්ථාවක් අපට දක්නට ලැබේ. එම විවිධත්වය අපට පැහැදිලිව දක්නට ලැබෙන්නේ වර්ණ නිසා බව අපි දනිමු. ස්වභාවධර්මය තුළ සෑම වර්ණයකටම ඇත්තේ එකම වටිනාකමකි.

පොදුවේ ගත් කල පරිසරය එක් තලයක තැබුවද චිත්‍ර ශිල්පියෙකුට එහි පෙනෙන සෑම අංගයක්ම විශේෂය. ස්වභාවධර්මය වෙන් කොට දක්වන විට අපට පොළව, අහස, ගහ කොල, ඇළ, දොළ, ගංඟා, සාගර, ගොඩනැගිලි, සතුන් ආදී වශයෙන් පෙන්වා දිය හැකිය.

මාගේ ප්‍රායෝගික අධ්‍යයනයේදී මුලින්ම පරිසරය ප්‍රතිනිර්මාණය කිරීමත් දෙවනුව නිදහස් වර්ණ භාවිතයෙන් අවස්ථාව හා මූලික හැඩ තලයන් තුළින් භාවය (Emotion) හඳුනා ගැනීමට උත්සාහ ගන්නා ලදී. එහිදී ඉතා විශාල පින්සල් සහ වෙනත් උපකරණ යොදා ගත්තා. දෙවනුව පරිසරයේ හැඩ තුළින් රූප හඳුනා ගැනීම සිදු කරන ලදී. විශේෂයෙන් එහිදී මානව රූප හා රූප හැඩතල පරිකල්පනාත්මක අයුරින් සංරචනය කරන ලදී. තෙවනුව මානව රූපය විශේෂිතව රූප හැඩ තුළින් පරිසරය දැකීම සිදු කළා.

මෙවනි නිර්මාණ ප්‍රකාශන තුළින් පරිසරය හා බැඳීම පසක් කරයි. පරිසරය තුළ වූ නිහඬ බව, ගුප්ත බව, ජීවය, වෙනස්වීම, ගොඩනැගීම, පැවතීම, දරා සිටීම, සුසංයෝගය සහ නිර්මාණශීලීත්වය හඳුනා ගැනීමට ගත් උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස මෙම ප්‍රායෝගික නිර්මාණ පෙලහර පෙන්වා දිය හැකිය.

ආචාර්ය මනෝජ් රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment