චිත‍්‍රපටශාලා විවෘත වෙයි කොළඹ රිදී තිරයට

160

ශී‍්‍ර ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ සිනමා පාඨමාලාව හදාරා තම කුළුඳුල් සිනමා නිර්මාණය එළිදක්වන අසම ලියනගේ සුබවාදී අනාගතයක් දකින තරුණ සිනමාකරුවෙක්. ලෝකයටම බල පෑ කොරෝනා වසංගතයේ තුන්වන රැුල්ල අප රටේ ව්‍යාප්ත වීමත් සමග වැසීගිය සිනමා ශාලා නැවත විවෘත වීමෙන් අනතුරුව, පෙර ප‍්‍රදර්ශනයේ පැවැති කළම්බෝ සිනමා පටය නැවත ප‍්‍රදර්ශනය වීම ආරම්භව තිබේ. ඒ අනුව දිවයින පුරා ඊ.ඒ.පී සහ සී.ඊ.එල් ප‍්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලාවන් පනහක තිරගත වන කළම්බෝ සිනමාපටය පිළිබඳව එහි නිර්මාණ අධ්‍යක්ෂකවරයා පවසන්නේ මෙවැනි අදහසක්.

 කොළඹ සිනමාපටයේ තියෙන්නෙ මම අද්දැකපු දේවල්. කොළඹ ජීවත් වන පිරිසකගේ සිහින සහ යථාර්ථයත් එක්ක මම දැකපු ‘‘ වීක් පොයින්ට්’’ එකක් එක්ක මේ කතාව ගොඩනැගෙන්නෙ. හැබැයි චිත‍්‍රපටයේ පිටපත මගේ වුණාට අපි මේ වැඬේ කරන්න ගත්තාම මේකෙ වැඩකරපු ප‍්‍රවීණයොත් එක්ක කතා කරල වෙනස් කරපු තැන් තියනවා. නිර්මාණය ඔපමට්ටම් වෙමින් තමයි ඉදිරයට ගලා ගියේ.

 කළම්බෝ සාමුහිකව කළ නිර්මාණයක්ද පිටපත සහ අධ්‍යක්ෂණය මගේ. නමුත් හැමෝම තමන්ගෙ දායකත්වය උපරිම වගේම තමන්ට අයිති සීමාවක් ගැන හිතන් නැතිව කළා. චිත‍්‍රපටයේ රූගත කිරීම් මාස හයක් දක්වා දික් වුණා. නමුත් කඩින් කඩ රූගත කිරීම් සිදුවුණේ. ඒකට සෑම රංගන ශිල්පි ශිල්පිණියෙකුගෙන්ම මට ලොකු සහයක් ලැබුණා.

 වසංගත අභියෝගයෙන් පසු  තිරගත වීම චිත‍්‍රපටයක් කරනවා කියන්නෙම අභියෝගයක් තමා. අනික මේ චිත‍්‍රපටයට සහභාගි වුණ බොහෝ දෙනෙක්ගෙ පළමු අද්දැකීම වුණෙත් මේක. ඒ නිසා වැඬේට බැස්සාම තමා ඒක කොහොම අද්දැකීමක්ද කියල වැටහුණේ. හැබැයි ඊටත් වඩා අභියෝගයක් වුණේ චිත‍්‍රපටය තිරගතකරවා ගැනීම. චිත‍්‍රපටයක් කරනවාට වඩා තිරගත කරගැනීම තමා ලංකාවේ අපහසු. වසංගත තත්ත්වයත් එක්ක සිනමාශාලා වසා දැමීම නිසා තවත් ඒ අභියෝගය වැඩි වුණා. නමුත් දැන් නැවතත් අවස්ථාවක් ඇවිත් තියනවා පේ‍්‍රක්ෂකයා ඉදිරියට යන්න. ලංකාවේ සිනමාව හෙට දවස සාර්ථක වෙන්න නම් ‘‘යූත් ජෙනරේෂන්’’ එක අල්ලන වැඩක් තමයි අපි කරන්න ඕන. අසම රන්දිල් කළම්බෝ සිනමා පටය පිළිබඳව පසුවන්නේ එවැනි සුභවාදි බලාපොරොත්තුවකිනි.

 හේමාල් රණසිංහ, ධර්මපි‍්‍රය ඩයස්, කුමාර තිරිමාදුර, ජෙහාන් අප්පුහාමි, රුක්මල් නිරෝෂ්, ශානිකා නිරෝශි, නිශාන් කුමාර, චන්දික ප‍්‍රසාද් ඇතුළු තාරුණ්‍යයේ දක්ෂ නළු නිළි කැලක් කළම්බෝ සඳහා එක්වී ඇත. අසම ලියනගේ කුළු`දුල් අධ්‍යක්ෂණය වූ කළම්බෝ කැමරාකරණයෙන් අමිත් ක‍්‍රිශාන්ත, සංස්කරණයෙන් තිලංක පෙරේරා, වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර, සංගීත අධ්‍යක්ෂණයෙන් අජිත් කුමාරසිරි, ගායනයෙන් ශේන් සිං ද, සම නිෂ්පාදනයෙන් අතුල රංජිත් ලියනගේ, නිමාලිකා පෙරේරා සම`ගින් හරින්ද අචලංක කුලසූරිය එක් වූ කළම්බෝ අනූෂ සංජීව එදිරිමුණි ඉදිරිපත් කිරීමකි.

 තිස්ස

advertistmentadvertistment
advertistmentadvertistment