චිත‍්‍රාල් සහ දිනේෂ් සංගීතය අහන්න අද හවස බාර්න්හවුස් එකට එන්න…

192

”සංගීතය කියලා කියන්නේ මිනිස්සුන්ගේ සිත් සුවපත් කරන අපූරු ඔසුවක්. කොවිඞ් වසංගතයක් එක්ක මිනිස්සු වගේම ඔවුන්ගේ හිත් පවා ලෙඩ වෙලා. දරාගන්න බැරි පීඩනයකින් තමයි හැමෝම ජීවත් වෙන්නේ. ඒ වගේ වෙලාවක කලාකරුවන් හැටියට අපේ මාධ්‍ය යොදාගෙන ආදරණීය රසිකයන් වෙනුවෙන් යමක් කළ යුතුයි කියලා හිතුවා.ඒ නිසා තමයි මම දිනේෂ් සුබසිංහ එක්ක එකතු වෙලා CHITHRAL AND DINESH‍ය නමින් ප‍්‍රසංගයක් තියන්න තීරණය කළේ.ඇත්තටම මේ ප‍්‍රසංගය සිත නිවන මනස සැහැල්ලූ කරන ප‍්‍රසංගයක් ”.

 ජනප‍්‍රිය ගායක චිත‍්‍රාල් සෝමපාල සහ වාදන ශිල්පී දිනේෂ් සුබසිංහ එක්ව සංවිධානය කරන සජීවී සංගීත ප‍්‍රසංගය මෙම මස විසි අටවැනිදා පානදුර බාර්න්හවුස් ස්ටුඩියෝහිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. කොවිඞ් වසංගතයත් සමඟ අතරමඟ නතර වූ කලා කටයුතු වලට නව ප‍්‍රවේශයක් ලෙස මෙම ප‍්‍රසංගය සූදානම් කර ඇති බව චිත‍්‍රාල් සෝමපාලයන් පවසයි. සුවිශේෂීම කාරණය වන්නේ මෙම ප‍්‍රසංගය ආසන සියයකට පමණක් සීමා කර තිබීමයි.

 ”මේ වෙලාවේ අපි එකතු වෙලා සෞඛ්‍ය නීතිරීති කඩ කරලා කටයුතු කිරීම හැමෝගෙම ජීවිත අවදානමක දැමීමක්. ඒ නිසා මේ වැඬේ සෞඛ්‍ය නීතිරීති වලට අනුකූලවම තමයි සංවිධානය කරලා තියෙන්නේ. අපි රටේ නීති කඩන්න හොඳ නෑ. ඒ නිසා තමයි ආසන සංඛ්‍යාව සීමා කළෙත්. අනික මේ ප‍්‍රසංගය වෙනස් විදිහේ වැඩක්.”

 බොහෝ දෙනෙකු චිත‍්‍රාල් සෝමපාලයන්ව හඳුනාගෙන තිබුණේ ගායකයෙකු ලෙස පමණි.නමුත් මෙම ප‍්‍රසංගයේදී ගායනයට අමතරව ඔහුගේ පියානෝ වාදනයද රසවිඳීමට රසිකයන්ට අවස්ථාව උදාවේ. එමෙන්ම සංගීතවේදී දිනේෂ් සුබසිංහ ගේ මියුරු සංගීතයෙන් ප‍්‍රසංගය හැඩ ගැන්වේ.තරිඳු ප‍්‍රසංග,සුසන්ත කාරියකාරවන,අරාන් ෆර්නැන්ඩූ, ප‍්‍රදීප් ෆර්නෑන්ඩූ, සෙනාෂ් ජයවර්ධන යන පිරිස ද වාදනයෙන් සහභාගි වේ .”කලාවෙන් මිනිස්සුන් ගේ මනස සුවපත් කරන්න පුළුවන්. තවම එළිමහන් ප‍්‍රසංග සංවිධානය කරන්න වාතාවරණයක් නෑ. අනෙක ඉන්ටර්නෙට් එකෙන් ගීතයක් ඇහුවට ප‍්‍රසංගයක ෆීලිං එක දැනෙන්නේ නෑ. නමුත් සංගීතයට කලාවට ලැදි මිනිසුන්ට මේ දේවල් අමතක කරන්න බෑ. ඒ නිසා තමයි මම මේ ප‍්‍රසංගය සංවිධානය කරේ. මගේ ප‍්‍රසංගයේ එකම අරමුණ ආදරණීය රසිකයන්ගේ හිත් වලට මානසික සහනය ලබා දීමයි.”

 එළිමහන් සංගීත සංදර්ශන ක‍්‍රමවේදයෙන් ඔබ්බට ගොස් අදියර දෙකක් ඔස්සේ මෙම ප‍්‍රසංගය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව චිත‍්‍රාල් සෝමපාල මහතා වැඩිදුරටත් පැවසුවේය. ඒ නොවැම්බර් 28 දා රාත‍්‍රී 7:00ට ඇරඹෙන ප‍්‍රසංගයේ පළවෙනි අදියරේ දී බටහිර ගී අනුවාදන සහ ගායනාත්, දෙවැනි අදියරේදී චිත‍්‍රාල් සෝමපාලයන් ගේ ගීත මෙන්ම තවත් සරල ගායනා සහ සංගීත ඛණ්ඩ වලිනුත් ප‍්‍රසංගය හැඩ වේ.


 වයලීනය, මැන්ඩලීනය, රාවණා හක්ත වැනි අනුවාදන රැුසක් සමඟ සිත නිවන සංගීතයත්, ජනප‍්‍රිය වූ බටහිර ගී රැුසක අනුවාදන සහ ගායනාත්,චිත‍්‍රාල් සෝමපාලයන් ගේ ගීත ගොනුවකුත්, දිනේෂ් සුබසිංහයන්ගේ නව නිර්මාණ කිහිපයක සංගීතයත් එක්ව හැඩ ගැන්වෙන මෙම සජීවී ප‍්‍රසංගය රසිකයන්ට අලූත් අත්දැකීමක් ගෙන එනවාට සැකයක් නැත.

 නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment