චින්දාඕ චීන සමාගමට එරෙහිව තවත් වාරණ නියෝගයක්

186

සීමාසහිත ලංකා පොහොර සමාගම විසින් චින්දාඕ චීන සමාගමටල එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වාණිජ අධිකරණයෙන් අදතවත් වාරණ නියෝගයක් ගනු ලැබිණ.
චින්දාඕ සීවින් බයෝටෙක් ගෘප් කම්පැනි වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපියක් යටතේ මහජන බැංකුව විසින් කිසිඳු ගෙවීමක් කළ නොහැකි වන ලෙස අදාළ වාරණ නියෝගය නිකුත් කෙරිණ .
චීන සමාගමට සහ එහි දේශීය නියෝජිතයාට ණයවර ලිපිය යටතේ කිසිඳු ගෙවීමක් ලබාගැනීමට ද අවහිර වන පරිදි වාණිජ මහාධිකරණය අංක 02 හි විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ ඉල්ලීමක් මත මෙම වාරණ නියෝගය නිකුත් කළේය.
පසුගිය සිකුරාදා කොළඹ වාණිජ මහාධිකරණය අංක 03 හි විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් ද චීන සමාගමට සහ දේශීය නියෝජිතයාට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කළේය.
ආචාර්ය චාරුක ඒකනායකල රජයේ අධි නීතිඥ ශෙහාන් සොයිසාල නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විශ්නේෂ්වරන්ල අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සුසන්ත බාලපටබැඳිල යන මහත්වරු පැමිණිලිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටියහ.
ගිවිසුම යටතේ චීන සමාගම විසින් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට නැව්ගත කිරීමට අවශ්‍ය වුව ද එම තොගයේ ක්ෂුද්‍ර ජීවීන් අඩංගු විය හැකි බවට තිබූ නාවුක උපදෙස් වලදී සමාගම පිළිගෙන ඇති බව ද අධිකරණයේ දී දන්වා සිටින ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment