චිරං ජයතු කුඹුරුගමුවේ වජිර නායක හාමුදුරුවනේ

266

සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සාහිත්‍ය චක‍්‍රවර්ති අග්ගමහා පණ්ඩිත විද්‍යාලංකාර ධර්ම විද්‍යාලයේ විදුහල්පති අතිපූජ්‍ය කුඹුරුගමුවේ වජිර නායක ස්වාමීන්වහන්සේ තම දිවියේ අනූවස් සමරති. මෙම ලිපිය උන්වහන්සේ වෙත පුද කෙරෙන්නේ ආශිර්වාදයක් ලෙසිනි.

මීට වසර 90 කට පෙර එදා සබරගමුව පළාතේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ කුඹුරුගමුව නමැති සුන්දර ග‍්‍රාමයේදී වර්ෂ 1931 මැයි මස 02 වැනිදා වෙසක් පුර පසළොස්වක පොහෝ දින මෙලොව එළිය දුටුවේය. උපතේදීම පෙන්වාදුන් විශේෂත්වය නිසාදෝ කල්යත්ම ආගමට දහමට වඩාත් ළං වීම නිසා තම දෙමාපියන්ගේ

කැමැත්ත මත පැවිදි දිවියට පත්විය. ගමේ විහාරයේ ගුරු නාහිමියන්ගේ

මඟපෙන්වීම යටතේ සාමණේර බණ දහම්” පැවිදි ශික්‍ෂා” භික්‍ෂු විනය මෙන්ම අකුරු ශාස්ත‍්‍රය පිළිබඳව මනාව අවබෝධ ලබමින් කටයුතු කළේය.

ඒ අතරතුර කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධ්‍යක්ෂව වැඩසිිටි ශ‍්‍රී ලංකාවේ තවත් විශිෂ්ට ගණයේ යතිවරයකුව සිටි කිරිවත්තුඩුවේ ශ‍්‍රී ප‍්‍රඤ්ඤාසාර නාහිමියන්ගේ මඟපෙන්වීම යටතේ විද්‍යාලංකාර පිරිවෙනට වැඩම කළසේක. එතැන් පටන් එම පිරිවෙනේ ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් වනපොත් කරමින් විනය” සූත‍්‍ර” අභිධර්මය යන සියලූ ධර්ම කරුණු වැඩිදුරටත් අවබෝධ කර ගනිමින් ධර්මධර” විනයධර භික්‍ෂුවක් වීම සඳහා ඇප කැප වී කටයුතු කළසේක. අදටත් උන්වහන්සේම වචනවලින් පවසන්නේ තමන් වහන්සේට වුවමනා කළේ ලැජ්ජා බිය ඇති හාමුදුරුනමක් ලෙස සමාජයට වැඩක් ඉටුකිරීමට බවයි. ඒ වෙනුවෙන් යක්කඩුවේ” ශ‍්‍රී පඤ්ඤාරාම හිමි” කිරිවත්තුඩුවේ නාහිමි” මහාචාර්ය කොටහේනේ පඤ්ඤාකිත්ති නාහිමි” නාත්තන්ඩියේ පඤ්ඤාකර හිමි” බඹරැුන්දේ සිරි සීවලී හිමි වැනි විශිෂ්ට යතිවරුන් යටතේ අවවාද උපදෙස් ලැබූ බවයි. මීට අමතරව එවකට තම සමකාලීන හිමිවරුන් වූ අපවත්වී වදාළ විද්‍යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ ශ‍්‍රී කුසලධම්ම නාහිමි” විද්‍යාලංකාර පිරිවෙනේ ලේඛකාධිකාරි වැලමිටියාවේ ධම්මරක්ඛිත හිමි” මහාචාර්ය කාක්කපල්ලියේ අනුරුද්ධ නාහිමි වැනි තවත් පසුකාලීනව ධර්ම විශාරදවරුන් වූ යතිවරුන් සමඟ තමන්වහන්සේගේ සුපසන් දිවිය ආලෝකමත් කර ගත්හ. කාලයත් සමඟ එදා මහාචාර්ය කොටහේනේ පඤ්ඤාකිත්ති නාහිමියෝ ආරම්භ කළ උන්වහන්සේගෙන් පසුව මහාචාර්ය කාක්කපල්ලියේ අනුරුද්ධ නාහිමියන් ඉදිරියට රැුකබලාගෙන ආ විද්‍යාලංකාර ධර්ම විද්‍යාලයේ වගකීම් භාර වූයේ වජිර හාමුදුරුවන්ට ය.

එතැන් සිට එම වගකීම සුළුපටු නොකොට” ලඝු නොකොට ඉතාම ගෞරවයෙන් ඉටුකරමින් පවතී. පසුගිය වර්ෂ 2500 වෙසක් උත්සවය වෙනුවෙන් දහසක් මුවින් බොදු බැති ගී ගයන්නට මහනුවර ශ‍්‍රී දළදා

මාලිගාව ඉදිරිපිට සිට උත්සුක වූහ. ඒ සඳහා දුම්රියක් විශේෂයෙන් යොදවාගෙන පන්දහසකට ආසන්න ධර්මවිද්‍යාලයෙන් ළමයින් දහසක් යොදාගෙන ප‍්‍රවීණ සංගීත අධ්‍යක්‍ෂ ෂෙල්ටන් පේ‍්‍රමරත්නයන්ගේ සුමියුරු තනු සහ ස්වර රචනාවලට අනුව ඇතැම් ගීත ලියා තිබුණේද අපේ වජිර හාමුරුවෝය. අද විද්‍යාලංකාර ධර්ම විද්‍යාලය දරු දැරියන්ට අධ්‍යාපනය” දහම් දැනුම ලබාදෙන ආයතනයක් පමණක් නොව ගුණ දහම් කියාදෙන මනසත් මසැසත් පාදන සෞන්දර්යාත්මක හැ`ගීම් උද්දීපනය කරවන තෝතැන්නකි. අපේ නායක හාමුදුරුවන් සාහිත්‍යයට කළ සේවා අතර තම ආචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් කළ නිබන්ධනය අදටත් වියතුන් අතරත් දුහුණන් දැනුම් සදහාත් උපස්ථම්භ කරගත හැකි මාහැඟි පුස්ථකයක් ලෙස පිළිගැනේ. ඊට අමතරව බෞද්ධ ධර්ම සන්නිවේදනයේ මූලධර්ම නමැති ග‍්‍රන්ථය වර්ෂ 2015 දී උන්වහන්සේ විසින් රචිතයි.

කැලණි තරුණ බෞද්ධ සංගමයේ සභාපති ලෙස ලියුම්කරු තටයුතු කළ අවස්ථාවේදී කළ ආරාධනයට අනුව වර්ෂ 2019 පොසොන් පුන්

පොහෝ දින ධර්ම දානයක් ලෙස බෙදාදීම ස`දහා ‘‘ගිහි ජීවිතයට බුදු වදනින් උපදෙස්’ නමැති ග‍්‍රන්ථය ලියා දීමට නිස්සරණාධ්‍යාෂයෙන්ම ඉදිරිපත් විය. වර්ෂ 2018 දී බෞද්ධ” හින්දු” කතෝලික” මුස්ලිම් දර්ශන හා ආගම් අතර පවතින සුවිශේෂ සම්බන්ධතා හා සංසිද්ධීන් ප‍්‍රකාශ කෙරෙන ග‍්‍රන්ථය ද උන්වහන්සේ විසින් රචිත වටිනා කෘතියකි. කැලණියෙන් බිහිවූ ජන නායකයකු වූ පණ්ඩිත ශ‍්‍රීමත් බාරොන් ජයතිලක මැතිතුමාගේ

ජනසාඵල්‍යය අගය කිරීම” භික්‍ෂුණි ශාසනය යථා පරිදි යාවත්කාලීන විය යුතු ආකාරය” භික්‍ෂුණීන්ට උපසම්පදාව අකැපද” ජාතික ගීය ගායනා කරන විට භික්ෂූන් වහන්සේ නැගී සිට ගෞරව කිරීම අකැප ද පළාත් සභා අපේ රටට ගළපාගත යුතු ආකාරය” එය සඵල්‍ය කරගන්නේ කෙසේද” ආගමික – ජාතික සහජීවනය” ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පවතින ගැටලූ සහ ඒවාට විසඳුම් යන විවිධ විෂයයන් පිළිබඳව මෙන්ම පසුගිය කාලයේ වෙනත් රටකින් අපේ රටට පැමිණි සුළි සුළඟකට ‘මහසෙන් සුළි සුළඟ’ යැයි හැදින්වීම විශාල වරදක් බවත් මාධ්‍ය තුළින් මෙන්ම ලිපි ලේඛන මගින් ද පහදා දුන්හ. රටේ සියලූම රාජ්‍ය නායකයෝ උන්වහන්සේට සලකති. හාමුදුරුවෝ ද ඒ අයට ඉතා කුළුපගව අවවාද උපදෙස් ලබා දෙති. එහෙත් කිසිදිනෙක පාර්ලිමේන්තුව ජාතික ලැයිස්තුවෙන් හෝ මහජන ජන්දයෙන් නියෝජනය කිරීමට ඉදිරිපත්වීමට බලාපොරොත්තු වන්නේ නැත. ශාසනය තුළ පටු වාසිසහගත බෙදීම් ඇතිකිරීමට ශ‍්‍රී සම්බුද්ධ ශාසනයට ගැරහීමට උන්වහන්සේ විරුද්ධය. කිසිම පුද්ගලයකුගේ දේශපාලන මතය තුළ පිහිටා සිට උන්වහන්සේ කටයුතු නොකරති. පුද්ගලයාගේ නිහතමානිකම” ගුණයහපත්කම අනුව ඒ අයට අවවාද උපදෙස් දෙති.

2015 යහපාලන අවස්ථාවේදී උන්වහන්සේ තමන් දැරූ සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ පවතින රජයේ ජනාධිපතිවරයාට සුදුසු අයෙක් පත්කරගන්නා ලෙස ඉල්ලා සිටිමිනි. එහෙත් මෛත‍්‍රිපාල ජනාධිපතිතුමා උන්වහන්සේ නැවතත් එම ධුරයේ ස්ථාපිත කළේය. කොළඹ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස දෙවරක් කටයුතු කළ නායක හාමුදුරුවෝ අදටත් ජාතික සමගිය හා ආගමික සන්ධානයේ සභාපති ලෙස විශාල කාර්යභාරයක් ඉටුකරන්නේ කතෝලික ආගමික පියතුමන්ලා වන හිටපු අගරදගුරු ඔස්වල්ඞ් ගෝමිස් පියතුමන්” වත්මන් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් පියතුමන් මෙන්ම සිරිල් ගාමිණි පියතුමන් වැනි කතෝලික පූජකවරුන් මෙන්ම වෙනත් නිකාය වල දේවධර්මාචාර්යවරුන්” හින්දු දේවගැතිවරුන්” පූසාරිවරුන් මෙන්ම මුස්ලිම් පූජක කුරුක්කල්වරුන් සමඟ දැඩි සේ කැපවීමෙන් මුළුමහත් ශ‍්‍රී ලංකාව පුරාම වැඩම කරවමිනි. මෙවැනි එක් අවස්ථාවක ඉන්දියාවේදී දැඩි මතධාරී කොටි ආධාරකරුවන් විසින් අපේ නායක හාමුදුරුවන් ඇතුළු පිරිසට දරුණු ලෙස පහරදී තිබිණි.

එමෙන්ම තම දායකකාරකාදීන්ගේ දුක සැප සොයා බැලීමට නිතර උත්සුක වන උන්වහන්සේ තමන්ගේ ශාරීරික අපහසුතා කොතෙක් තිබුණ ද ඕනෑම දුරක් වැඩම කර ඒ අය අස්වසාලති. එවැනි අවස්ථාවක උන්වහන්සේ දරුණු රිය අනතුරකට ලක්වී බේරුණේ අනූනවයෙනි. ඒ උන්වහන්සේගේ සාධු චරිතය තුළ තිබෙන පින් බලය නිසාය. වජිර හිමියන්ගේ උපන් දිනය මැයි මාසයේ යෙදී තිබුණ ද අවුරුදු 90 සපිරුණු ඒ පින්වත් උත්සවය මෙම දෙසැම්බර් 26 වැනි දින විද්‍යාලංකාර උත්සව ශාලාවේදී පැවැත්වේ. පසුගිය කාලයේ තිබූ කොවිඞ් වසංගතය නිසා පැවැති සෙඛ්‍ය නීති රීති සහ ඒවාට ගරුකිරීම් වස් එම උත්සවය නොපවත්වන ලදී. එහෙත්” මෙම 26 වැනි දින නත්තල් දිනට පසුදින ලොවට සාමය දේශනා කළ ජේසුස් කි‍්‍රස්තු තුමන්ගේ උපන් දිනයට පසුදින සාමය” සමගිය” සමාදානය වෙනුවෙන් කැපවී කටයුතු කරන අපේ නායක හිමියන්ට උපහාර දැක්වෙයි. මෙහි විශේෂත්වය නම් එහිදී ප‍්‍රධාන දේශනය පවත්වන්නේ අගරදගුරු රංජිත් මැල්කම් කාදිනල් හිමිපාණන්ය. ප‍්‍රධාන ආරාධිතයා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතායි. තනතුරු” ගෞරව නාම කොතරම් තිබුණද ඉතාම නිහතමානිකමේ ප‍්‍රතිමූර්තියක් වන අපේ වජිර නායක හාමුදුරුවනේ අවුරුදු 90 ක් සපිරුණු ඔබවහන්සේට අටඅනූවක් රෝග නවඅනූවක් ව්‍යාධි දුරුවී අවුරුදු 90 ට එකසිය අනූවක් ආවඩා ආයු බෝ වේවා!

සුමංගල සමරවීර
කැලණිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්‍ෂ නායක” කැලණි තරුණ බෞද්ධ සමිතියේ හිටපු සභාපති

advertistmentadvertistment
advertistmentadvertistment