චිරං ජයතු සංගීතවේදියාණනි!

898

ගීතනාත් කුඩලිගම සම්පාදනය කරන ලද වික්ටර් රත්නායකගේ ‘‘ගී සියයක් ග‍්‍රන්ථයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියන ලද මේ අගනා පසුවදන වික්ටර් රත්නායකයන් ජන්මදිනය නිමිත්තෙන් මෙසේ ඉදිරිපත් කරන්නේ වික්ටර් රත්නායකයන් යනු කවුරුන්දැයි ඒ තුළින් මනාව චිත‍්‍රණය වී ඇති බැවිණි.

‘‘සිංහල සංගීත කරළියේ වික්ටර් රත්නායකගේ භූමිකාව වනාහි බෙහෙවින් ආකර්ෂණීය වූ ද රමණීය වූ ද එකකි. 1960 දශකයේ මුල් භාගයේ සංගීත ක්‍ෂේත‍්‍රයට ප‍්‍රවිශ්ඨව ඉතා කෙටි කාලයක් තුළදී සිය මියුරු හඬින්ද මියුරු ස්වර සංරචනයෙන් සහ සංගීත සංයෝජනයෙන්ද රසික සිත් ආලෝලනය කරන්නට ඔහු සමත් වූයේය. සැබවින්ම ඔහු වටා රොද බැඳ ගත්තේ රසික පිරිස් පමණක් නොවේ. සකල විධ ගායන ශිල්පීන්ද ඔහු වටා එක් රොක් වූහ. අද දවසේ ඔහුගේ තනුවක් නොගැයූ එකම ගායන ශිල්පියෙක් හෝ ශිල්පියෙකු සොයා

ගැනීමට බැරි තරම්ය. වික්ටර් රත්නායක සංගීත ක්‍ෂේත‍්‍රයට පිවිසෙන විට උසස් රසඥතාවක් ඇත්තා වූ සුළුතරයක් නිර්මාණාත්මක සංගීතයෙහි රසවිඳිමින් උන්හ. අප‍්‍රබුද්ධයෝ අනුකාරක සංගීතයෙහි නිමග්නව සිටියහ. වික්ටර් රත්නායක මේ දෙපිරිස අතර පාලමක් ඉදි කළේය. ඒ පාලම මතින් දෙනෝදාහක් රසිකයෝ ප‍්‍රබුද්ධ ලෝකයට සංක‍්‍රමණය වූහ. සිංහල සංගීත ඉතිහාසය විමර්ශනය කරන්නෙකුට ඔහු විසින් කරන ලද්දා වූ මේ ඓතිහාසික කාර්යභාරය මැනවින් දැකගත හැකිය.’’

advertistmentadvertistment
advertistmentadvertistment