චීනයටත් වඩා ඉන්දියාව  ලංකාවට ණය දීලා

108

ශ්‍රී ලංකාවට ණය ලබාදීමේදී චීනයට වඩා ඉදිරියෙන් ඉන්දියාව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 ඉන්දියාව මේ වසරේ මාස හතරක් තුළ ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 968 කි.

 2017 වසරේ සිට 2021 දක්වා වසර පහක කාලයක් තුළ චීනය ශ්‍රී ලංකාවට ලබාදී ඇත්තේ ඇමරිකන් ඩොලර් මිලියන 947 ක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 මීට අමතරව මෙරට ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය වීම සඳහා මාස 48ක් තුළදී ඩොලර් බිලියන දෙකයි දශම නවයක් (2.9) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමග එකඟතාවකටද පැමිණ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment