චීනයට එරෙහිව ඇමරිකාව කඳවුරු බඳී

239

ඇමරිකාව, බි‍්‍රතාන්‍ය හා ඕස්ටේ‍්‍රලියාව, එක්ව ආසියා පැසිෆික් කලාපය වෙනුවෙන් ආරක්ෂක සහයෝගිතාවකට එළඹ ඇත.

මෙලෙස ආරක්ෂක සහයෝගීතාවකට එළැඹ ඇත්තේ චීනයට එරෙහිවය. මෙම ආරක්ෂක සහයෝගිතාවයට අනුව න්‍යෂ්ටික සබ්මැරීන නිෂ්පාදනයට ඕස්ටේ‍්‍රලියාවට හැකිවේ. එය සිදුකරන්නේ ඇමරිකානු සහයෝගිතාවය සහිතවය. දශක ගණනාවකට පසුව ඇමරිකාව, බි‍්‍රතාන්‍ය හා ඕස්ටේ‍්‍රලියාව එක්ව එළැඹුණු වැදගත්ම ආරක්ෂක ගිවිසුම මෙය බව විදේශ මාධ්‍ය කියයි. කෙසේ නමුත් චීනය මෙම ගිවිසුම දැඩි ලෙස විවේචනය කර ඇත. කලාපයේ ආරක්ෂාවට මෙම ගිවිසුම් බලවත් තර්ජනයක් බව චීනය කියයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment