චීනයෙන් ඩොලර් මිලියන 76 ක ආධාරයක්

227

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා චීන රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 76 ක ආධාරයක් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කිව් ෂන් ගොන් මහතා සඳහන් කළේය.

නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සමඟ පෙරේදා (24 දා) පැවති සාකච්ඡාවකදී හෙතෙම මේ බව අනාවරණය කළේය.

චීන රජය විසින් නැඟෙනහිර පළාතේ අඩු ආදායම්ලාභී ජනතාව සඳහා ලබාදුන් වියළි සලාක මලු 10,000 න් 5000 ක් එම දිස්ත්‍රික්කයේ ජනතාවට බෙදා දීම ද මෙහිදී චීන තානාපතිවරයා අතින් සිදුවිය.

දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරීම සඳහා චීන රජය විසින් ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කටයුතු කරන බව චීන තානාපති කිව් ෂන් ගොන් මහතා මෙහිදී නැඟෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේය.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment