චීනයේ උග‍්‍ර විදුලිබල අර්බුදයක්

501

චීනයේ මෙම දිනවල හටගෙන තිබෙන දරුණු විදුලිබල අර්බුදය හේතුවෙන් නිවාස හා ව්‍යාපාරික ස්ථාන මිලියන ගණනකට උග‍්‍ර විදුලිබලය කපා හැරීම්වලට මුහුණ පෑමට සිදුව තිබේ. චීනය තුළ විදුලිබලය කපා හැරීම් සිදු වීම අසාමාන්‍ය තත්ත්වයක් නොවුවද මෙම වසරේ එරට විදුලිබල සැපයුම්කරුවන්ට විදුලිය සැපයුම සීමා කිරීමට මුල් වූ සාධක ගණනාවක් පවතින බව චීන බලධාරීහු පවසති.

 මින් ප‍්‍රධනතම සාධකය වී ඇත්තේ චීනයේ විදුලිබලය නිෂ්පාදනය කිරීම සඳහා වැඩි වශයෙන් යොදා ගනු ලබන ලොව පුරා පරිසර දූෂණය අධික වීමට බලපා ඇති ගල් අඟුරුවල මිල ගණන් ඉහළ යාම බව හඳුනාගෙන ඇත. චීන රජය විසින් විදුලිබල මිල පාලනය කළද ගල්අඟුරු බලාගාර විසින් දැරීමට සිදු වන අධික වියදම පාලනය කිරීම සඳහා විදුලිය කපා හැරීමට පෙළඹී ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය ග‍්‍රීෂ්ම හා ශීත ඍතුවලදී වැඩි වශයෙන් දක්නට ලැබෙන තත්ත්වයක් වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment