චීනයේ ඔත්තු බැලූ කැනේඩියානු ව්‍යාපාරිකයකුට වසර 11ක සිර දඬුවමක්

552

චීනය සම්බන්ධයෙන් ඔත්තු බැලීමේ චෝදනාව මත කැනේඩියානු ව්‍යාපාරිකයකු වන මයිකල් ස්පැවොර් හට වසර 11ක සිරදඬුවමක් නියම කිරීමට චීනයේ අධිකරණයක් මගින් පියවර ගෙන තිබේ. ඔත්තු බැලීමේ චෝදනාව මත ස්පැවොර් හා හිටපු කැනේඩියානු තානාපති නිලධරයකු වන මයිකල් කොව්රිග් 2018 වසරේදී චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. චීන අධිකරණයක් මගින් කැනේඩියානු ව්‍යාපාරික ස්පැවොර් හට ලබා දුන් සිර දඬුවම හේතුවෙන් දැනටමත් පළුදු වී ඇති චීන -කැනේඩියානු රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා තවත් නරක අතට හැරෙනු ඇති බව විචාරකයෝ පවසති.

 චීනයේ අධිකරණයක් මගින් සිය රටේ ව්‍යාපාරිකයකුට එරෙහිව ලබා දුන් මෙම දඬුවම සත්‍ය වශයෙන්ම පිළිගත නොහැකි අසාධාරණ තීන්දුවක් බව කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment