චීනයේ කුඩා නගරවල උසැති සුපිරි ගොඩනැගිලි තැනීම සීමා කරයි

665

මින් ඉදිරියට රටේ කුඩා නගරවල සුපිරි ගනයේ උසැති ගොඩනැගිලි ඉදි කිරීම සීමා කිරීමට චීන රජය විසින් තීරණය කර ඇත. මේ අනුව මිලියන තුනකට වඩා අඩු ජනගහනයක් සිටින නගරවල මීටර් 150කට වඩා (අඩි 492ට වඩා) උසැති ගොඩනැගිලි ඉදි කිරීම සීමා කර ඇති අතර මිලියන තුනකට වැඩි ජනගහනයක් සිටින නගරවලට ඉදි කළ හැකි ගොඩනැගිලිවල උපරිම උස මීටර් 250කි.

චීනය තුළ දැනටමත් මීටර් 500ට වඩා උසැති ගොඩනැගිලි ඉදිකිරීම තහනම් කර තිබේ. අධික ජනගහනයක් වෙසෙන ශැන්හැයි හා ශෙන්සෙන් වැනි විශාල නගරවලට මෙවැනි අධික උසැති ගොඩනැගිලි අවශ්‍ය විය හැකි නමුදු සෙසු නගරවල එවැනි ගොඩනැගිලි ආකර්ෂණයක් ඇති කිරීම පමණක් සිදු වීම නිසා ඒවා අවශ්‍ය නොවන බව චීන බලධාරීහු පවසති. අලූතින් නියම කර ඇති සීමාවන් උල්ලංඝනය කරමින් උසැති ගොඩනැගිලි ඉදි කිරීමේ ව්‍යාපෘතීන් සඳහා අනුමැතිය ලබා දෙන නිලධාරීන් හට ජීවිත කාලය පුරා බලපැවැත්වෙන පරිදි දඬුවම් ලබා දෙන බවට බලධාරීන් විසින් දැනටමත් නිවේදනය කර තිබේ. චීනය තුළ ලොව පිහිටි උසම ගොඩනැගිලි කිහිපයක් පිහිටා ඇති අතර ඒවා අතර මීටර් 632ක් උසැති ශැන්හයි කුලූන හා මීටර් 599.1 උසැති පින්ග් ඇන් ෆයිනෑන්ස් මධ්‍යස්ථානය වේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment