චීනයේ ජනගහන වර්ධන වේගය ශීඝ්‍රයෙන් පහළට

447

වසර 60කට පසු ප්‍රථම වරට චීනයේ ජනගහන වර්ධනය ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව චීනයේ ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාංශය පවසයි. මේ යටතේ චීනයෙන් ඉකුත් වසරේදී (2022) වාර් තා වී ඇති ජනගහනය 2021 වසරේ වාර්තා වූ ජනගහනයට වඩා අට ලක්ෂ පනස් දහසකින් පමණ අඩු වීමක් පෙන්නුම් කරන බව එම කාර්යාංශයේ සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි. ඉකුත් වසරේදී චීනයෙන් වාර්තා වී තිබු මුළු ජනගහනය බිලියන 1.4118 ක් විය.

චීන රජය විසින් හඳුන්වා දී ඇති ජනගහන වර්ධනය අඩු කිරීමේ ප්‍රතිපත්ති හේතුවෙන් වසර කිහිපයක සිටම චීනයේ උපත් අනුපාතය අඩු වෙමින් පවතින අතර එක පවුලකට එක් දරුවකු පමණක් සිටීම අනිවාර්යය කරමින් පනවනු ලැබූ නීතිය වසර හතකට පමණ පෙර ඉවත් කිරීමට පියවර ගැනීමත් සමගම එරට ජනගහන වර්ධන වේගය ඍණ අගයක් ගැනීමේ යුගය ආරම්භ විය. 2022 වසරේදී 2021 වසරේ සියයට 7.52ක්ව පැවති ජනගහණ වර්ධන වේගයද තවදුරටත් අඩු වී ඇති අතර වාර්ෂික ළදරු මරණ සංඛ්‍යාව ද ප්‍රථම වරට උපත් අනුපාතය ඉක්මවා ගොස් තිබේ. 1979 වසරේදී චීන රජය විසින් ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබු එරට ජනගහනය අඩු කරලීම සඳහා හඳුන්වා දී තිබු පවුලකට එක් දරුවෙකු සිටීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් එරට ජනගහන වර්ධන වේගය ශීඝ්‍රයෙන් පහළ බැසීම ආරම්භ විය.

advertistmentadvertistment
advertistmentadvertistment