එක්සත් ජනපද පරිශීලක දත්ත චීනයේ රජයට ලබා දිය හැකි බවට ඇති බිය මත ටෙක්සාස් විශ්ව විද්යාල සිසුන්ට තවදුරටත් විශ්ව විද්යාල වයිෆයි මත ජනප්රිය වීඩියෝ යෙදුම වන ටික්ටොක් වෙත ප්රවේශ විය නොහැකි බව තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත. ජනවාරි මාසයේදී නැවත පන්තිවලට පැමිණි විගස ඔවුන්ට මෙම නව රීතිය ගැන තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සටහනක් ලැබී තිබුණි. මෙම පියවර ගෙන ඇත්තේ එක්සත් ජනපදයේ චීන සමාගමක් වන බයිටිඩාන්සි සතු වන ටික්ටොක් භාවිතය සීමා කිරීමේ ප්රයත්නයේ කොටසක් ලෙසය. එක්සත් ජනපදයේ ටික්ටොක් භාවිතය අවහිර කිරීම අරමුණු කරගත් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට ඇමෙරිකානු විදේශ කටයුතු දෙපාර්තුමේන්තුව සැලසුම් කර ඇත.වසර තුනක් තිස්සේ මිලියන 100 කට වඩා වැඩි එක්සත් ජනපද පරිශීලකයින් සිටින ටික්ටොක් – එක්සත් ජනපද පුරවැසියන්ගේ පුද්ගලික දත්ත වෙත ප්රවේශ විය නොහැකි බවත් එහි අන්තර්ගතය චීනයේ කොමියුනිස්ට් පක්ෂයට හෝ බීජිං බලපෑම යටතේ වෙනත් කිසිවකුට හැසිරවිය නොහැකි බවත් වොෂින්ටනයට සහතික කිරීමට උත්සාහ කරමින් සිටී.
|