චීනයේ නියඟය පවතින පළාත් කෘත්‍රිමව වර්ෂාව ගැනීමේ උත්සාහයක

442

දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිපලයක් ලෙස හටගෙන ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාස දෙකක කාලයක් තිස්සේ චීනය මුහුණ පා ඇති දරුණු නියඟය මගහරවමින් කෘත්‍රිමව වර්ෂාව ලබා ගැනීම සඳහා එරට ප්‍රදේශ ගණනාවක්ම රොකට් හරහා වලාකුළුවලට රසායන ද්‍රව්‍ය විදීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

පවතින නියඟය හේතුවෙන් ජලය සිඳී ගොස් ඇති ආසියාවේ දිගම ජල මාර්ගය සේ සැළකෙන ‘යැන්ග්සි’ ගංගාව අවට පිහිටි පළාත් මෙසේ රොකට් හරහා වළාකුළුවලට රසායන ද්‍රව්‍ය විද වර්ෂාපතනය ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව චීන මාධ්‍ය පවසයි. එහෙත් බොහෝ ප්‍රදේශවල වළාකුළු හිඟ වීම හේතුවෙන් කෘත්‍රිමව වර්ෂාව ලබා ගැනීමේ ප්‍රයත්නය අසාර්ථක වී ඇති බව වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment