චීනයේ සිරකර සිටින ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනිය නිදහස් කරන ලෙස පවුලේ අයගෙන් ඉල්ලීමක්

211


ඔත්තු බැලීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන දින 1000කට අධික කාලයක් චීනයේ රඳවාගෙන සිටින ඔස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියක් වන චෙන්ග් ලී නිදහස් කරන ලෙසට ඇයගේ පවුලේ සාමාජිකයින් නැවත වරක් චීන රජයෙන් ඉල්ලා ඇත.කෙසේ වෙතත් අධිකරණය තවමත් තීන්දුවක් දී නැත.

වසර පහක සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි චෝදනාවක් වන මෙම මාධ්‍යවේදිනිය රාජ්‍ය රහස් විදේශයන්හි නීතිවිරෝධී ලෙස සැපයීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හෙයින් විශ්ලේෂකයින් කනස්සල්ල පළ කළ බව සීඑන්එන් වාර්තා කරයි.
චෙන්ග් ලීගේ මිතුරන් සහ පවුලේ අය ඇය ඔත්තු බැලීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන දින 1000 කට පසු චීනයේ රැඳවුම් භාරයෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියහ. – එය දැනටමත් දෙරට අතර සබඳතාවලට කළු පැල්ලමක් දමා ඇත.
කැන්බරා සහ බීජිං අතර ඇති වූ පළුදු සබඳතා ඇයට එරෙහි අපැහැදිලි නඩුව සඳහා පෙළඹවීමක් විය හැකි බවට විශ්ලේෂකයින්ගේ මතය වී ඇත.එසේම ඕස්ට්‍රේලියානු බලධාරීන් ද ඇය රඳවා තබා ගැනීම පිළිබඳව කනස්සල්ල පළ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment