චීනයේ 1989 වසරේ සමූලඝාතනයේ තොරතුරු අන්තර්ජාලයෙන් සගවනවාලු

483

චීනයේ 1989 වසරේ දී සිදුවූ සමූලඝාතනයේ 34 වැනි සංවත්සරය ඉකුත් 04 වැනිදා සමරන විට ඒ සමිබන්ධ තොරතුරු අන්තර්ජාලය ඔස්සේ චීන භාෂාවෙන් සොයන විට හිස්තැන් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එසේම එම සමූලඝාතනයේදී සිදුවූ මරණ සංඛ්‍යාව රහසිගත ලෙස වරින් වර සමාජ මාධ්‍ය වලින් තහනම් වන බවද පවසයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ ජෙනරාල් වරයා ලෙස තෙවැනි වරටත් පත්වූ චීන ජනාධිපති ෂී ජින් පින් මහතා සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට පෙර ඔහු ඉන් ඉවත් විය යුතු බව විරෝධතා බැනර බීජීං විශ්ව විද්‍යාල දිස්ත්‍රික්කය අසල පාළමට ඉහළින් එල්ලීම සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයා ලෙස චෝදනා එල්ල වී ඇති පෙන්ග් පීරා නැමැති අය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එසේ අත්අඩංගුවට ගත් ඔහු එදින සිට මෙතෙක් දැක ගත නොහැකි වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඔහු ටියන්මෙන් චතුරශ්‍රයේ විරෝධතා වල පාළම් මිනිසා ලෙස හැඳින්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment