චීනය ඉන්දියාවේ කොටසක් බලෙන් අල්ලාගෙන

963


චීනය ඉන්දියාවේ ලඩාක් ප‍්‍රදේශයේ වර්ග කිලෝමීටර් 38,000ක භූමි ප‍්‍රදේශයක් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇතැයි ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වී මුරලිදරන් මහතා ඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක් සභාවට වාර්තා කර ඇත.වසර 60ක් තිස්සේ මෙලෙස චීනය එම භූමි ප‍්‍රමාණය අත්පත්කරගෙන ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කර තිබේ.පකිස්තානය විසින්ද චීනය සමග ලඩාක්හි ඇති කරගෙන තිබෙන දේශ සීමා මායිම් ගිවිසුමට අනුව ෂක්ස්ගම් නිම්නය ප‍්‍රදේශයේ ඉන්දියාවට අයත් වර්ග කිලෝමීටර් 5,180ක් ද චීනයට නීති විරෝධී ලෙස බාරදී ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා පවසයි.බහුජන සමාජ පක්ෂයේ මන්ත‍්‍රී ශ්‍යාම් යදාව් සිංහ විසින් පාර්ලිමේන්තුවේ ලිඛිතව අසනු ලැබූ ප‍්‍රශ්නයකට පිලිතුරු ලෙස රාජ්‍ය ඇමැතිවරයා මේ බැව් සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment