චීනය – ඉන්දියාව හා ආසියන් සංවිධානය අතර විවෘත සංවාදයක් ඕනෑ – ජනපති ජපානයේදී කියයි

112

ජනපති ජපානයට කෘතවේදී වෙයි
ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අගමැති ෆුමිඕ කිෂිඩා මහතා හමුවූ අවස්ථාව එහිදී ජනාධිපතිවරයා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජපානය දෙන සහයට කෘතඥතාව පළ කොට තිබේ.

අසමගිය දුරු කළ එකම ආසියානු හඬක් ක්‍දච28 දී ඉදිරිපත් විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ ටෝකියෝ නුවර ඊයේ (25 දා) ආරම්භ වූ නික්කෙයි සමුළුව අමතමින් පැවසීය.

ජපානයේ නිල සංචාරයක නිරතවී සිටින ජනාධිපතිවරයා ඊයේ උදෑසන සිය සංචාරය අරඹමින් ජපාන අගමැති ෆුචියෝ කිෂිඩා හිටපු අගමැතිවරුන් වන යොෂිහිදි සුගා, යසුවෝ ෆුකුදා, ටාරෝ අසෝ, මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි යන මහත්වරුන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

ඉන්පසු නික්කෙයි සමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

ජපානයේ සහයෝගිතා ප්‍රවේශයට සහය පළකරනවා. චීනය, ඉන්දියාව සහ ආසියාන් සංවිධානය අතර විවෘත සංවාදයක් අවශ්‍යයි. එය සාමකාමී සහ සමෘද්ධිමත් ආසියානු කලාපයක් බිහිවීම සඳහා තීරණාත්මක සාධකයකි. මෙම සමුළුවේ සාර්ථකත්වය රඳා පවතින්නේ ප්‍රධාන ආසියාතික ජාතීන්ට එකඟතාවකට පැමිණීමට ඇති හැකියාව මතයි. බෙදීම් ප්‍රතික්‍ෂේප කිරීමටත් ආර්ථික ඔරොත්තුදීම් සහ සුරක්‍ෂිතතාවය සඳහා උපාය මාර්ග වෙනුවෙන් හිරෝෂිමා හිදී ජී 7 නායකයන් ගත් තීරණ පිළිබඳව ද ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළකර සිටිනවා. ජී. 07 කණ්ඩායම සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇතුළු ගෝලීය හවුල්කරුවන් සමග සංවාදයේ යෙදීමට සහ සහයෝගිතා ප්‍රවේශයන් අනුගමනය කිරීමට තීරණය කර ඇත. ඒ සඳහා ලෝක වෙළෙඳ සංවිධානයෙහි නීති පාදක බහු පාර්ශ්වික වෙළෙඳ ක්‍රම අනුගමනය කිරීම සුදුසුයි මෙම ශතවර්ෂය මැද භාගය වනවිට මුහුදු ජල මට්ටම ඉහළ යෑම ආසියා පැසිෆික් කලාපයේ බිලියනයකට ආසන්න ජනතාවකට බලපානු ඇත. දේශගුණික විපර්යාසවලට ගොදුරු වූ රටවල 15න් 08ක් ම ආසියානුවෝ වීම කනගාටුවට කරුණකි.

advertistmentadvertistment
advertistmentadvertistment