චීනය ‘ගෙදර හැදූ’ කොවිඩ් මර්දන එන්නත විද ගනිති

157

 චීන ජනාධිපති ෂී ජින්පින්ග් සහ අනෙකුත් ඉහළ පෙළේ දේශපාලනඥයන්ට දේශීයව නිෂ්පාදනය කරන ලද කොවිඩ් එන්නත් ලබා දී ඇති බව එරට රජය පවසයි.

 මෙම ප්‍රවෘත්තිය නිකුත් කරන ලද්දේ, විශේෂයෙන්ම බූස්ටර එන්නත් අනුපාතය වැඩි කිරීමේ ව්‍යාපාරයක කොටසක් ලෙස ය.

 චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානී සෙන්ග් යික්සින් පැවසුවේ, එය චීන එන්නත් කෙරෙහි නායකත්වයේ විශ්වාසය පෙන්නුම් කරන බවයි.

 සෙන්ග් මහතා පැවසුවේ රටේ නායකයන් “සියලු දෙනාම ගෙදර හැදූ කොවිඩ් – 19 එන්නත් ගෙන ඇති” බවයි.

 ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “වසංගත වැළැක්වීම සහ පාලන කටයුතු සඳහා ඔවුන් විශාල වැදගත්කමක් ලබා දෙන බවත්, ගෙදර හැදූ කොවිඩ් – 19 එන්නත් කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති බවත් මෙයින් සම්පූර්ණයෙන්ම පෙන්නුම් කර ඇත” ලෙසය.

 සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment