චීනය තායි ගුවන් කළාපය ආක‍්‍රමණය කරයි

318


චීන ගුවන් හමුදා ප‍්‍රහාරක යානා 08ක් ඊයේ තායිවාන ගුවන් කළාපයට අවසරයකින් තොරව ඇතුළුවූ බව තායිවාන ආරක්ෂක ලේකම්වරයා පවසයි.ඉන් 06ක් ප‍්‍රහාරක යානා බවත් එකක් සබ්මැරීන් ප‍්‍රහාරක යානයක් බවත් අනෙක් යානය ආරක්ෂක මෙහයුම් යානයක් බවත් ආරක්ෂක ලේකම්වරයා පවසයි.දැනට වසරක පමණ කාලයක සිට චීනය මෙලෙස තායිවාන ගුවන් කළාපය ආක‍්‍රමනය කරන බවත් මේ සම්බන්ධව තායිවානය කිහිපවරක්ම දැනුම්දී ඇති බවත් පවසයි.තායිවානයට ආසන්න ප‍්‍රතාස් දූපතේ චීනය සිය ගුවන් පුහුණු කටයුතු සිදුකරමින් මෙලෙස සිය ගුවන් කළාපයටද අනවසරයෙන් ඇතුල්වන බව තායිවාන ආරක්ෂක ලේකම්වරයා පවසයි.මෙය තම කලලාපයේ ආරක්ෂාවට තර්ජනයක් බවත් ඔහු සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment