චීනය පදක්කම් පෙරමුණේ ශී‍්‍ර ලංකාව 57 වැනි තැනට

191

දින 12ක් පුරා ජපානයේ ටෝකියේ නුවරදී කි‍්‍රයාත්මක කෙරුණු 2020 පැරාලිම්පික් කී‍්‍රඩා උළෙල ඊයේ (05 වැනිදා* නිමාවට පත්විය. එ් අනුව මෙවර කී‍්‍රඩා උළෙල නිමාවට පත්වෙද්දී පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත් වී සිටියේය.

චීනය මෙවර පැරාලිම්පික් කී‍්‍රඩා උළෙලේදී රන් පදක්කම් 96ක්, රිදී,60ක් සහ ලෝකඩ පදක්කම් 51ක් සමගින් සමස්ත පදක්කම් 207ක් දිනා ගැනීමට සමත්විය. එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන මහ බි‍්‍රතාන්‍ය රන් 41ක්, රිදී 38ක් සහ ලෝකඩ පදක්කම් 45ක් සමගින් සමස්ත පදක්කම් 124ක් දිනා ගැනීමට සමත්ව තිබේ. රන් 37ක්, රිදී 36ක් සහ ලෝකඩ 31ක් සමගින් සමස්ත පදක්කම් 104ක් සමගින් ඇමෙරිකාව මෙවර පැරාලිම්පික් පදක්කම් සටහනේ තෙවැනි  ස්ථානයට පත්ව සිටී.

චීනය පදක්කම් පෙරමුණේ ශී‍්‍ර ලංකාව 57 වැනි තැනට


රුසියාව රන් 36ක්, රිදී 33ක් සහ ලෝකඩ 49ක් සමගින් සමස්ත පදක්කම් 118ක් සමගින් සිව්වැනි

ස්ථානයේ පසුවන අතර නෙදර්ලන්තය සමස්ත පදක්කම් 59ක් දිනා ගනිමින් පස්වැනි ස්ථානයට පත් තිබේ. ඊට රන් පදක්කම් 25ක්, රිදී 17ක් සහ ලෝකඩ පදක්කම් 17ක්ද ඇතුළත් වී තිබේ.

ඉතිහාසයේ පළමුවරට පැරාලිම්පික් කී‍්‍රඩා උළෙලකදී රන් පදක්කමක් දිනූ ශී‍්‍ර ලංකාව පදක්කම් සටහනේ 57 වැනි ස්ථානයේ පසුවන අතර ඊට රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් ඇතුළුව සමස්ත පදක්කම් දෙකක් ඇතුළත් වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment