චීනය බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරුන් මිලට අරන්?

281

චීන ඒජන්තවරියක් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු කටයුතු සඳහා බලපෑම් කරන බවට එරට ආරක්ෂක ඔත්තු ඒජන්සිය වන එම් 15 චෝදනා කර තිබේ.

 නමුත් චීනය එම චෝදනාව ප‍්‍රතික්ෂේප කරයි.

 එම් 15 පවසා ඇත්තේ ක‍්‍රිස්ටීන් චින් කියූ ලී නම් කාන්තාව චීන කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් වර්තමාන මන්ත‍්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවට යෑමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන් සමග සබඳතා ගොඩනගා ඇති බවය. අනතුරුව ඇය මන්ත‍්‍රීවරු කිහිපදෙනෙක්ට මූල්‍ය ආධාර ලබා දී ඇති අතර කම්කරු පක්ෂයේ බැරී ගර්ඩිනර් නම් මන්ත‍්‍රීට පවුම් 420,000ක් දී තිබුණි. මෙම හෙළිදරව්වට ප‍්‍රතිචාර දක්වමින් ලන්ඩන් හි පිහිටි චීන තානාපති කාර්යාලය පවසන්නේ එම් 15, එංගලන්තයේ වෙසෙන චීන ජාතිකයන්ට හිරිහැර කරන බවය.

 

advertistmentadvertistment
advertistmentadvertistment