චීනය යුරෝපය බය කරයි

1203


මෝටර් රථ,ගුවන් යානා සහ විද්‍යුත් උපකරණ නිෂ්පාදනයට අත්‍යවශ්‍ය අමුද‍්‍රව්‍යක් වන මැග්නීසියම් යුරෝපයට සපයන ප‍්‍රධානතම සැපයුම්කරු වන චීනය සිය අපනයනය සීමා කිරීම නිසා මතුව ඇති මැග්නීසියම් හිගයෙන් යුරෝපයේ කර්මාන්තකරුවෝ දැඩි භීතියට පත්ව සිටිති.කොවිඩ් වංසගතයෙන් පසු යළි සිය කර්මාන්ත ආරම්භ කිරීමේදී ඒ සඳහා අවශ්‍ය ප‍්‍රධානම අමුද‍්‍රව්‍ය හිගවීම නිසා සිය කර්මාන්ත පවත්වාගෙන යාමේ අර්බුධයක් මතු ඇතැයි ඔවුහු පවසති.ලොව මැග්නීසියම් සැපයුමෙන් සියයට 95ක්ම හිමිකරගෙන සිටින්නේ චීනයයි.ඉතිරිය සපයන්නේ රුසියාව සහ ඊශ‍්‍රායලයයි.

advertistmentadvertistment
advertistmentadvertistment