චීනය – ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වැඩිකරයි – සතියට ගුවන් ගමන් වාර 3 ක්

97

චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදුකෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර තිබේ.

 ඒ අනුව මේ සතියේ සිට චීනය, ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් වාර 03 ක් සිදුකරයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයට වැඩි වාර ගණනක් චීනය වෙත පැමිණීමට ද අවස්ථාව සැලසෙයි.

 ශ්‍රී ලංකාවේ චීන තානාපති චි සෙන්හොන්ග්  (Qද්‍ය Zhenhong)  මහතා  පසුගිය 16 දා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමු වූ අවස්ථාවේ මේ බව පැවසීය.

 චීන රජය ශ්‍රී ලංකාවට ලබාදුන් සහ දීමට අපේක්‍ෂිත ආර්ථික හා මානුෂීය ආධාර පිළිබඳ තානාපතිවරයා ජනාධිපතිවරයා දැනුම්වත් කළේය. චීනයේ අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට යළි එරටට පැමිණ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදීමට පියවර ගෙන තිබේ. ද්විපාර්ශ්වික වෙළෙඳාම හා ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

 චීන ජනාධිපති ෂී ජින් පින් (Xi jinping)  මහතා එවූ විශේෂ පණිවුඩයක් තානාපතිවරයා ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය. මෙරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ මිත්‍ර රටක් ලෙස චීනය ලබාදෙන සහාය පිළිබඳ ජනාධිපතිවරයා සිය ප්‍රශංසාව පළ කළේය.

 ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක මහතා මේ අවස්ථාවට එක්ව සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment