චීනය සමග ගිවිසුමකට යාපනය උපකුලපති බැහැ කියයි

826


චීනයේ රාජ්‍ය කෘෂිකර්ම විශ්වවිද්‍යාලය සහ යාපනය විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති සිවකොළුඳු ශ්‍රීසත්කුණරාජා ප්‍රතික්ෂේප කර ඇත.සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් සශ්‍රීක ඉඩම් අත්පත් කර ගැනීමේ චීනයේ සැඟවුණු න්‍යාය පත්‍රය මෙම අවබෝධතා ගිවිසුමට ඇති බව පවසමින් උපකුලපතිවරයා එය ප්‍රතික්ෂේප කර තිබේ. උතුරු නැගෙනහිර සහ යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ද රජයෙන් ඉල්ලා සිටින්නේ ජනතාවගේ කැමැත්තට එරෙහිව චීනය සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් නොකරන ලෙසය.
මුහුදු පිපිඤ්ඤා වගාවන් ප්‍රවර්ධනය කරන මුවාවෙන් චීනය සෘජුව සහ වක්‍රව විශාල මුහුදු ප්‍රදේශ අත්පත් කරගෙන ධීවරයින් අතර භේද ඇති කළ බව ද මහා ශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment