චීනවරාය තෙල් ටැංකි ගිවිසුම මෙහෙමයි

567

ති‍්‍රකුණාමල තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම්වලින් පසුව අක්කර 827 ක භූමිභාගයේ තෝරාගත් බිම්කඩක අංගසම්පූර්ණ නවීන තාක්‍ෂණයෙන් සමන්විත තෙල් පිරිපහදුවක් ඇතුළු තෙල් ටැංකි 99 ට අදාළ යෝධ ව්‍යාපෘතියක් කි‍්‍රයාවට නැංවීමට නියමිතව ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ති‍්‍රකුණාමල තෙල් ටැංකි 99 සංවර්ධනය කිරීම සඳහා එහි ඇති තෙල් ටැංකි 61ක් එකතුකර ස්ථාපිත කළ ටි‍්‍රන්කො පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට අදාළ ගිවිසුම ඉකුත් 06 වැනිදා අත්සන් කළ අතර ඒ ගිවිසුම්වලට ප‍්‍රකාරව එහි තෙල් ටැංකි 24ක් තෙල් සංස්ථාවට හිමි වී ඇත. එහි ඇති තෙල් ටැංකි 14ක් වසර පනහක කාලයකට ඉන්දීය තෙල් සමාගමට (IOC‍) ලබාදී ඇත.

මෙම ගිවිසුම්වලට අත්සන් තැබීම ඉකුත් 06 වැනිදා මුදල් අමාත්‍යාංශයේදී සිදුකළ අතර මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, තෙල් සංස්ථා සභාපති සුමිත් විජේසිංහ, තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්‍ෂ බුද්ධික මඩිහහේවා, ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ යන මහත්වරු ශී‍්‍ර ලංකාව වෙනුවෙන් අත්සන් තැබූහ. ඉන්දීය තෙල් සමාගම වෙනුවෙන් එම සමාමේ කළමනාකාර අධ්‍යක්‍ෂ මනෝජ් ගුප්තා මහතා අත්සන් කර ඇත.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහන් වේ.

ටි‍්‍රන්කො පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම යනු ලංකා ඛනිජ තෙල් සංස්ථාවට 51% ක්ද ලංකා ඉන්දියානු තෙල් සමාගමට 49% ක්ද කොටස් හිමි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලිත සමාගමකි. එහි අධ්‍යක්‍ෂ මණ්ඩලය ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පත් කරන 4 දෙනකුගෙන් ද ලංකා ඉන්දියා තෙල් සමාගම විසින් පත් කරන 3 දෙනකුගෙන් ද සමන්විත වේ. එමෙන්ම නව සමාගමේ සභාපතිවරයා පත් කරන්නේ ද තෙල් සංස්ථාව විසිනි.

ඉන්දියානු ලංකා තෙල් සමාගම – ටැංකි 14ක් හිමිය.

ඒ අනුව මෙම ටැංකි 99න් 85 කම (24+61=85) පාලනය තෙල් සංස්ථාව සතුවීම ලක් ඉතිහාසයට එක්වන ඓතිහාසික ජයග‍්‍රහණයකි.

මෙම නව ගිවිසුම් ජනවාරි මස 10 දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන අතර 18 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. ජනවාරි මස 11 දා ලකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වෙබ් අඩවියට මෙම ගිවිසුම් එක්කෙරේ.

ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය, ශී‍්‍ර ලංකාව යටත් කරගෙන සිටි බි‍්‍රතාන්‍යයන් විසින් 1920 දශකයේ දී ඉදිකරන ලදී. අක්කර 827ක වපසරියක විහිදුනු මෙටි‍්‍රක් ටොන් 10,000 බැගින් ධාරිතාවයෙන් යුතු තෙල් ටැංකි 100 කින් මෙම ටැංකි සංකීර්ණය සමන්විත විය. දෙවන ලෝක යුද සමයේ 1942 අපේ‍්‍රල් මස 9 වැනිදා එල්ල වුණු ජපන් ගුවන් ප‍්‍රහාරයක් නිසා මේ එක් ටැංකියක් විනාශ විය.

1987 ජූලි 29 වැනි දින ඉන්දියානු අගමැති හා ලංකාවේ ජනාධිපති අතර හුවමාරු වූ ලිපියේ 2(iii) වගන්තිය අනුව ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සමූහය ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව අතර හවුල් ව්‍යාපාරයක් ලෙස කි‍්‍රයාත්මක කිරීමට එකඟ විය.

2003 වසරේ පෙබරවාරි 07 දින අත්සන් කළ ගිවිසුමක් මත 35 වසරකට බදු පදනම යටතේ ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 99 ම ලංකා ඉන්දියානු තෙල් සමාගමට භාර දෙනු ලැබීය.

නමුත් ලංකා ඉන්දියානු තෙල් සමාගම එහි භාවිතයට ගනු ලැබූවේ ටැංකි 14 ක් පමණක් වන අතර ඉතිරි ටැංකි කිසිදු ප‍්‍රයෝජනයකට නොගෙන දිරාපත් වෙමින් පැවතිණි.

2017 දී මෙම ටැංකි 99 ම වසර 99 දක්වා බදු පදනමට ඉන්දියාවට ලබාදීමට මලික් – සුෂ්මා අවබෝධතා ගිවිසුමෙන් එවකට පැවැති ආණ්ඩුව එකඟ විය. මාස 16 ක් පුරා ඉන්දියාව සමග පැවැති සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමෙන් අපට වඩාත් වාසිදායක එකඟතාවයක් ඇතිකර ගැනීමට හැකි විය.

යළි රටට හිමි වූ මේ මහා සම්පත සංවර්ධනය කරමින් බලශක්තියෙන් බලගැන්වුණු දේශයක් කරා ගමන් කිරීමට තිර අදිටනින් එක්වෙමු.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment