චීනාගේ නවීන පිස්තෝලය එස්.ටී.එෆ්. එකට මාට්ටු

381

කෑගල්ල ප‍්‍රදේශයේ නිවසක කරන ලද සෝදිසියකදී එහි අල්මාරියක සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත CZ85E වර්ගයේ පිස්තෝලයක්, මිලිමීටර් 9 උණ්ඩ 9 ක්, එක් මැගසීනයක් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබේ.

රේස් බුකියක් පවත්වාගෙන යන චීන සම්භවයක් සහිත පුද්ගලයකුගේ නිවස සෝදිසි කිරීමේදී මෙම අවිය හමුවී තිබේ. විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති පො.ප. ජී. කේ. ඞී. ආර්. කේ. දිසානායක මහතා ඇතුළු පිරිසක් මීට එක්වී ඇති අතර කෑගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment