චීනෙන් ඉන්දියාවට ගිය නවතම ඇපල් දුරකථනය

400

ඇපල් දුරකථන සමාගම සිය නවතම ඇපල් 14 ජංගම දුරකථන නිෂ්පාදනය ඉන්දියාවේ සිදු කිරීමට තීරණය කර ඇත. මෙතෙක් සිය දුරකථන නිෂ්පාදනය චීනයෙහි සිදු කළ අතර චීනය සහ ඇමරිකාව අතර පවතින උණුසුම් දේශපාලන ගැටුම නිසා මෙලෙස ඉන්දියාවට යාමට තීරණය කළ බව ඇපල් දුරකථන සමාගම පවසයි. එසේම චීනයේ පවතින කොවිඩ් වසංගතය නිසා පවතින දැඩි සෞඛ්‍ය නීති ද වරින් වර සිදුකරන හුදකලා කිරීම් නිසාද තම දුරකථන වෙළෙදාමට බලපෑම් මතුව ඇති බව ද සඳහන් කරයි. මෙලෙස ඉන්දියාවට ඇමෙරිකානු සමාගමක් සිය ව්‍යාපාර කටයුතු පැමිණීමට බලපා ඇත්තේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නව ආර්ථික සංකල්ප නිසා බව සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment