චීන අතමාරුව ඩොලර් අර්බුදයට විසඳුමක් නොවේ-රජිත් කීර්ති

180

චීනය විසින් ලබා දි ඇති ඩොලර් බිලියන 1.5 කට සමාන මුදල් අතමාරුව හුදු ඉලක්කම් විජ්ජාවක් මිස ණය ගෙවීමට හෝ භාණ්ඩ ආනයනයට හෝ පහසුකම් සැලසීමක් නොවන බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

‘‘ඩොලර් අර්බුදය කළමනාකරණය කළ බවට සිරස්තල සැපයීමට රජය වචන විසිකරමින් සිටිනවා. ඒවා හිස් වචන මිසල යථාර්ථයක් නොවන බව ජනවාරි මාසයේ දී වැටහේවි යැයි ද එම නිවේදනයේ දක්වේ.

චිනය විසින් ලබා දී ඇති මෙම අතමාරුව ඩොලර් වලට හුවමාරු කළ නොහැකි අතර නැවත චීන රජයේ බැඳුම්කරවල ආයෝජනය කළ යුතු බවට කොන්දේසයක් සහිත ඉලක්කම් විජ්ජාවක් යැයිද හෙතෙම කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment