චීන ආධාරයෙන් දිවයින පුරා පාලම් 5000 ක් මහනුවරට 7 ක්

189

චීන බැංකු ආධාර යටතේ දිවයින පුරා පාලම් 5000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මහනුවර දිස්ති‍්‍රක්කයේ පාලම් හතක් ඉදිකෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ ඩබ්.ඒ. මහේන්ද්‍ර විජේපාල මහතා මහනුවර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේදී පැවැති දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවසීය. මධ්‍යම අධිවේගී මාර්ගයට පිවිසුම් මාර්ගයක් වූ මහනුවර කුරුණෑගල මාර්ගයේ අලදෙණිය, ඊරියගම මාර්ගය වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇත.

මධ්‍යම ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණ. මහනුවර දිස්ති‍්‍රකය තුළ මාර්ග සංවර්ධන ව්‍යාපෘති 683කින් ව්‍යාපෘති 110 ක් නිම කිරීමට හැකි වූ බව හෙතෙම පැවසීය. පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගුණතිලක රාජපක්ෂ සහ මහනුවර දිස්ති‍්‍රක් ලේකම් චන්දන ගෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.

සිරිල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment