චීන – ඉන්දියා තීරණය තීරණාත්මකයි – ණය ගැටලුව විසඳා ගන්න IMF චීනය සමග සාකච්ඡා කරයි

168

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීන මුදල් අමාත්‍යාංශය චීන මහජන බැංකුව, චීන සංවර්ධන බැංකුව හා චීන එක්සීම් බැංකුව සමග සාකච්ඡා පවත්වා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටලිනා ජොර්ජිවා මේ බව ප්‍රකාශ කර ඇත්තේ වොෂින්ටනයේදී වාර්තාකරුවන් අමතාය.

වැඩ්, සැම්බියා, ශ්‍රී ලංකාව හා සූරිනාම් යන රටවල ණය අර්බුද නිරාකරණය සඳහා චීනය සමග සාකච්ඡා කළ බව ජොර්ජිවා පවසයි.

මේ රටවල් සම්බන්ධව ඉදිරියේදී විශේෂ සාකච්ඡා වාරයක් කැඳවීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් වේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment