චීන කඳුකරයට කඩා වැටුණු බොයින් යානාවේ නියමුවාට තිබුණේ පැය 7000 ක පුහුණුවක්

823

හේතුව තාම අභිරහසක්

මගීන් 123ක් සහ කාර්ය මණ්ඩලයේ නව දෙනෙකු රැගත් චීන බොයින් යානාව අඩි 30,000ක් උඩ අහසේ සිට එකවරම පැයට සැතපුම් 350ක වේගයෙන් කඳුකර ප්‍රදේශයකට කඩා වැටුණේ යානාව නියමුවාගේ පාලනයෙන් තොරව ක්‍රියාකිරීම නිසා බවට සැක කෙරේ.

චීනයේ ගුවැන්සි ප්‍රාන්තයේ වුසු නගරය අසල කඳුයායකට මෙම යානාව කඩා වැටී තිබේ. යානාව කඩා වැටීමෙන් පසු වනාන්තරය තුළ ගින්නක් හටගෙන ඇත. මියගිය සියලුදෙනාම චීන ජාතිකයෝ වෙති. මේ යානාව පැද වූ නියමුවාට පැය 7000ක පියාසර පුහුණුවක් තිබූ අතර ඔහුගේ සහයක නියමුවාට පැය 30,000ක පුහුණුවක් තිබූ බව අනාවරණය වී තිබේ. මෙම යානාව කඩා වැටීමත් සමගම චීන රජය සියලුම බොයින් 737 – 800 යානා පියාසර කිරීම අත්හිටුවා ඇත. යානාවේ පියාසර දත්තවලින් හෙළි වූයේ යානාව කඩා වැටීමට පෙර නියමුවන් යානාව පාලනය කිරීමට උත්සාහ දරා ඇති බවයි. චයිනා ඊස්ටර්න් ගුවන් සේවාවට අයත් මේ යානාව පියාසර කරන අවස්ථාවේ එකවරම එහි මුහුණ පහළට හැරී ගොඩබිම වෙත ඇදී ගොස් ඇත. මෙයට පෙරද බොයින් යානාවක් දෝෂ සහිත මෘදුකාංගයක් නිසා කඩාවැටී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment