චීන කොමියුනිස්ට් විප්ලවය – මා ඕ, ඞී. එස් සහ රනිල්

587

ශ‍්‍රී ලංකාවේ සුවිසාල භූමි ප‍්‍රදේශය අයත්වන රජරට පදනම් කරගෙන ගොවිජන බලයක් ගොඩනැඟීමට කටයුතු කළ ඞී. එස්. සේනානායක මහතාගේ ක‍්‍රියාමාර්ගයට ඒ යුගයේ ලංකාවේ වාමාංශික නායකයන් විරුද්ධ වූයේ සේනානායකයන් ලංකාවේ තෙත් කලාපයේ දුප්පත් ගොවීන් මැලේරියා වසංගතයට බිලි දෙන්නට මින්නේරිය, හිඟුරක්ගොඩ හා පොළොන්නරුවේත් නැගෙනහිර පළාතේ උතුරු කොටසට අයත් කන්තලේ ප‍්‍රදේශයටත් ගෙන යන බව කියමිනි. වාමාංශිකයන්ගේ විවේචන නොතකා කටයුතු කළ ඞී.එස්.සේනානායක මහතා මහසෙන් රජතුමන් කරවූ මින්නේරි වැව ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් නොනැවතී බෝධිසත්ව නායකයකු ලෙස ඉතිහාසගත වූ අග‍්‍රබෝධි රජතුමන් විසින් කරවා බිඳවැටී තිබූ කන්තලේ මහවැව යළි ගොඩනගා බස්නාහිර, සබරගමු හා මධ්‍යම පළාත්වලත් ලංකාවේ දකුණු පළාතෙත් ඉඩම් හිඟයෙන් පෙළුණු දුප්පත් ගොවීන් දසදහස් ගණනින් ගෙනගොස් එම ප‍්‍රදේශයේ පදිංචි කරවීය.

චීන කොමියුනිස්ට් විප්ලවය - මා ඕ, ඞී. එස් සහ රනිල්

චීන කොමියුනිස්ට් පක්‍ෂයට සියවසක් පිරීම නිමිත්තෙන් නව තාක්‍ෂණික මාධ්‍යයක් මගින් රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැත්වූ අගනා කතාව අගය කළ යුතු දේශනයකි. චෙන්තුෂිව්ගේ නායකත්වයෙන් චීනයේ ප‍්‍රධාන නගරවල කම්කරු පංතිය මුල්කරගෙන දියත් කළ විප්ලවීය ක‍්‍රියාමාර්ගය අසාර්ථක වූ පසු මා ඕ සේතුංගේ නායකත්වයෙන් ගම්බද ගොවි ජනතාව පදනම් කරගෙන ගෙනගිය ප‍්‍රබල ප‍්‍රහාරක ප‍්‍රයත්නය සාර්ථක වූයේ මා ඕ සේතුං ප‍්‍රකාශ කළාක් මෙන්ම ප‍්‍රකෝටි සංඛ්‍යාත චීන ගොවි ජනතාව විප්ලව වාදී බලවේගයක් ලෙස නැගී සිටියහොත් එය පරාජය කළ හැකි බලයක් චීන ප‍්‍රතිගාමීන් අතරින් තබා, චීනයේ සුවිසාල ප‍්‍රදේශයක් වූ මැන්චුරියාව යටත් කරගෙන සිටි ජපාන අධිපතිවාදීන්ගෙන් පවා මතුවිය නොහැකි බැවිනි. චීන ගොවි ජනතාව අතරට ගිය මා ඕ සේතුං ප‍්‍රමුඛ විප්ලව වාදීන් වඩාත් සාර්ථක වූයේ සමාජවාදී රුසියාවට ළංව පිහිටි උතුරු දිග චීනයේදීය. ගොවි බහුතරයකින් සමන්විත යෙනෑන් හුනාන් හූපේ ප‍්‍රදේශ චීන විප්ලවයේ පදනම් ප‍්‍රදේශ බවට පත් වූ ආකාරය ඉතිහාසගත වී තිබේ. දසකෝටි ගණන් චීන ගොවි ජනතාව විප්ලවවාදී බලවේගයක් ලෙස විජයග‍්‍රාහී ඉදිරි ගමනක යෙදෙද්දී ජපාන හමුදාවන්ට ද ජපානයට ළංව පිහිටි සුවිසාල මැන්චුරියාව අතහැර යන්නට සිදු වූ බව ඉතිහාස ගතවී තිබේ. මේ සත්‍යය මනාව අවබෝධ කරගෙන ඇති රනිල් වික‍්‍රමසිංහ මහතා ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ ජය පරාජයන් හොඳින් හැදෑරු විද්වතෙක් බව එතුමා නව තාක්‍ෂණ මාධ්‍යයෙන් කළ දේශනයෙන් පැහැදිලි වේ. අද වන විට ධනවාදය හා සමාජවාදය අතර එතරම් බරපතළ පරස්පරයන් නැති බැවින් රනිල් වික‍්‍රමසිංහ මහතා කළ යුත්තේ ලංකාවේ බහුතර ගොවි ජනතාව ගැන විශ්වාසය තබා කටයුතු කළ එක්සත් ජාතික පක්‍ෂයේ නිර්මාතෘ ඞී. එස්. සේනානායක මහතා ගත් ක‍්‍රියාමාර්ගය අපේ යුගයේ යථාර්ථයන් අනූව ඉදිරියට ගෙන යාමයි.

චීන කොමියුනිස්ට් විප්ලවය - මා ඕ, ඞී. එස් සහ රනිල්

 ශ‍්‍රී ලංකාවේ සුවිසාල භූමි ප‍්‍රදේශය අයත්වන රජරට පදනම් කරගෙන ගොවිජන බලයක් ගොඩනැඟීමට කටයුතු කළ ඞී. එස්. සේනානායක මහතාගේ ක‍්‍රියාමාර්ගයට ඒ යුගයේ ලංකාවේ වාමාංශික නායකයන් විරුද්ධ වූයේ සේනානායකයන් ලංකාවේ තෙත් කලාපයේ දුප්පත් ගොවීන් මැලේරියා වසංගතයට බිලි දෙන්නට මින්නේරිය, හිඟුරක්ගොඩ හා පොළොන්නරුවේත් නැගෙනහිර පළාතේ උතුරු කොටසට අයත් කන්තලේ ප‍්‍රදේශයටත් ගෙන යන බව කියමිනි. වාමාංශිකයන්ගේ විවේචන නොතකා කටයුතු කළ ඞී.එස්.සේනානායක මහතා මහසෙන් රජතුමන් කරවූ මින්නේරි වැව ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් නොනැවතී බෝධිසත්ව නායකයකු ලෙස ඉතිහාසගත වූ අග‍්‍රබෝධි රජතුමන් විසින් කරවා බිඳවැටී තිබූ කන්තලේ මහවැව යළි ගොඩනගා බස්නාහිර, සබරගමු හා මධ්‍යම පළාත්වලත් ලංකාවේ දකුණු පළාතෙත් ඉඩම් හිඟයෙන් පෙළුණු දුප්පත් ගොවීන් දසදහස්  ගණනින් ගෙනගොස් එම ප‍්‍රදේශයේ පදිංචි කරවීය. සේනානායක මහතාගේ එම ක‍්‍රියාමාර්ගයට මුතූර් ප‍්‍රදේශයේ මුස්ලිම් නායකයන් මෙන්ම ත‍්‍රිකුණාමල ප‍්‍රදේශයේ දෙමළ නායකයන් ගෙනුත් යම් තරමක විරෝධතා ඇතිවුවත් දෙමළ මුස්ලිම් නායකයන් සමඟ ද මිත‍්‍රත්වයෙන් කටයුතු කිරීමට තරම් උපායශීලී වූ සේනානායකයන්ගේ අරමුණ සාර්ථක විය. පොළොන්නරු දිස්ත‍්‍රික්කයෙන් දකුණු වවුනියාව දක්වා වූ පදවිය, සිරිපුර ප‍්‍රදේශවලත් ගොවි ජනපද ඇති කළ සේනානායක මහතා ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයට අයත් කන්තලේ ප‍්‍රදේශයෙන් ද නොනැවතී දිගාමඬුල්ලේ ද අලූත් ගොවි ජනපද අරඹන්නට තරම් දුරදක්නා නුවණින් යුතු වූ බව නිසැකය. පුංචි සුන්දර ශ‍්‍රී ලංකාවේ සේනානායක මහතාගේ ක‍්‍රියාමාර්ගය සුවිශාල චීනයේ මා ඕ සේතුංගේ ක‍්‍රියාමාර්ගයට නොදෙවැනි වන බව අම්පාර නගරයටත්, බක්කිඇල්ල හා ගොනාගොල්ල වැනි ප‍්‍රදේශවලටත් යන බුද්ධිමතුන්ට පැහැදිලි වනු ඇත. මේ ලිපිය ලියන මගේ ගම් ප‍්‍රදේශයේ විසූ ඉඩම් හිඟයෙන් පෙළුණු ඥාති පවුල් ගණනාවක් ගොනාගොල්ල, බක්කිඇල්ල ප‍්‍රදේශවලට ගොස් තරමක් වත්කම් ඇති පොහොසත් ගොවීන් බවට පත් වූයේ ඞී. එස්. සේනානායකයන්ගේ ක‍්‍රියාමාර්ගය නිසා බව කියාපෑම අපේ යුතුකමකි.

 චීන විල්පවයේ විජයග‍්‍රාහී බලවේගය චීන ගොවි ජනතාව බව අවබෝධ කරගෙන සිටින රනිල් වික‍්‍රමසිංහ මහතා ලංකාවේද ගොවි බහුතර ජනතාව ගැන විශ්වාසය තබා කටයුතු කිරීමට අධිෂ්ඨාන සහගත වන්නේ නම් වැටුණු එක්සත් ජාතික පක්‍ෂය නඟා සිටුවා විජයග‍්‍රාහී ජාතික බලවේගයක් බවට පත්කළ හැකි වනු නිසැකය. මා හොඳින් දන්නා කළුතර දිස්ත‍්‍රික්කයේ බණ්ඩාරගම ප‍්‍රදේශයේ අති මහත් බහුතර ජනතාව ගොවි ජනතාවයි. මතුගම, අගලවත්ත හා බුලත්සිංහල බහුතර ජනතාව ද ගොවි ජනතාව වන හෙයින් කළුතරට කිට්ටු බෝඹුවල, දොඩම්ගොඩ, පලාතොට, කොහොලාන, බොලොස්සගම, පැලවිටියාගොඩ ගොවි ජනතාව කෙරේ විශ්වාසය තබා කටයුතු කළහොත් එජාප නායකත්වයට එය ශක්තිමත් පදනමක් වනු නිසැකය. දකුණේ එ.ජා.ප නායක වජිර අබේවර්ධන මහතාගේ නායකත්වයෙන් ගාලූ දිස්ත‍්‍රික්කයේ බෙන්තර, ඉඳුරුව, ගෝණගල, මිරිස්වත්ත, ඌරගහ, ඇල්පිටිය, බද්දේගම, අක්මීමන, පිලාන, වංචාවල, ඉමදුව, හබරාදුව, අහංගම, මිදිගම ප‍්‍රදේශවාසීන් මෙන්ම මාතර දිස්ත‍්‍රික්කයට අයත් වැලිගම, වැලිහිඳ, දෙනිපිටිය, කඹුරුගමුව, වල්ගම, ගොඩපිටිය, හිත්තැටිය, වැවහමන්දුව ප‍්‍රදේශත් තලල්ල කෝට්ටෙගොඩ ප‍්‍රදේශවල වැඩි ප‍්‍රමාණයකුත් සරුසාර කුඹුරු යායවල් බවට පත්කර ගතහැකි වුවහොත් වැටුණු එ.ජා.ප. ය නැඟී සිටිනු නිසැකය. කොළඹ දිස්ත‍්‍රික්කයේ අත්තිඩිය, කව්ඩාන. මාදිවල, වෙල්යායවලූත් බෙල්ලන්විල අවට ප‍්‍රදේශයත්, බොරලැස්ගමුව, කැස්බෑව අවට ප‍්‍රදේශත්, මහරගම, කොට්ටාව, හෝමාගම අවට ප‍්‍රදේශත්, කළුඅග්ගල, කොස්ගම, පුවක්පිටිය හා අවිස්සාවේල්ල අවට ප‍්‍රදේශත් ගොවිබල ප‍්‍රදේශ ලෙස නඟාසිටුවන්නට එ.ජා.ප නායකත්වයට හැකි වුවහොත් කඩුවෙල, වැල්ලම්පිටිය අවට ප‍්‍රදේශත් ගොවි ජනබලවේගයක් සහිත ප‍්‍රදේශ ලෙස අවදි වනු නිසැකය. ගම්පහ දිස්ත‍්‍රික්කයට අයත් පෑලියගොඩ, කැලණිය, කොහොල්විල, දෙල්ගොඩ ප‍්‍රදේශත් කලෙක රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වය දැරූ බියගම මැතිවරණ කොට්ඨාශයට අයත් මල්වාන ප‍්‍රදේශයත් ගම්පහ නගරය වටා ඇති මිරිස්වත්ත, නිට්ටඹුව, වේයන්ගොඩ, දිවුලපිටිය ප‍්‍රදේශත් ගොවි බහුජන බහුතරයකින් යුතු ප‍්‍රදේශ වන හෙයින් ගම්පහ දිස්ත‍්‍රික්කය ද එ.ජා.ප බලප‍්‍රදේශයක් බවට පත්කර ගත හැකි වේ.

 පොල් වගාවට මෙන්ම වී ගොවිතැනට ද ප‍්‍රධාන ස්ථානයක් ලැබෙන සුවිසාල වයඹ පළාතම එ.ජා.ප. බල ප‍්‍රදේශයක් ලෙස නැවත පණගැන්වීම දුෂ්කර නොවේ. ගොවිජනතාව චීන විප්ලවයේ පදනම් බලවේගය ලෙස නිවැරදිව අවබෝධ කරගෙන සිටින රනිල් වික‍්‍රමසිංහ මහතා තම දැනීම හා අවබෝධය හරියාකාරව ක‍්‍රියාවට නැගුවහොත් අපේ යුගයේ ඞී. එස්. සේනානායකයන්ගේ උරුමක්කාරයා ලෙස විජයග‍්‍රාහී විය හැකි බවට සැකයක් නැත. හම්බන්තොට දිස්ත‍්‍රික්කය මෙන්ම පහළ ඌව ප‍්‍රදේශය ද ගොවි බහුතර ජනතාවක් වෙසෙන ප‍්‍රදේශ වන හෙයින් ඈත රුහුණේත්, පහළ ඌවේත් ගොවි ජනබලවේගය අවදිකර ගැනීමේ නිවැරදි ක‍්‍රියාමාර්ග ගතහොත් චීන විප්ලවයේ විජයග‍්‍රාහී යථාර්ථය අවබෝධ කරගෙන සිටින රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ම වැටුණු එ.ජා.පය යළි නගාසිටුවා ජාතික බලවේගයක් බවට පත්කර ගත හැකි වන බව නිසැකය. ජාතික විජයග‍්‍රණය සඳහා ජීවිතයම සේවයට කැප කළ මගේ මාර්ගෝපදේශකත්වය ද ලබාදිය හැකිය.

 පූජ්‍ය මාලේවන ධම්මවිජය හිමි
 (පෙර අනගාරික ධම්මසේකර)

advertistmentadvertistment
advertistmentadvertistment