චීන ජනපතිගේ නව දේශපාල මණ්ඩලය පෞද්ගලික හිතවතුන් ලු

250

චීන ජනාධිපති ෂි ජින් පින් මහතාගේ ජනපති ධුරයේ තෙවැනි කාලපරිච්ඡේදය සඳහා පත්කරගෙන සිටින කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩල සාමාජිකයින් 24 දෙනා ජනාධිපතිවරයාගේ ජීවිතයේ විවිධ කාලපරිච්ඡේද වලදී හමුවූ පෞද්ගලික හිතවතුන් බව එරට දේශපාලන විචාරකයෝ පවසති.එනිසා මේ කිසිවකුත් එක්සත්ව එක පෙළකට ගත නොහැකි බවත් ඔවුන් තනි තනිව ජනාධිපතිවරයාට හිතවත් වූවන් බවද සඳහන් කරති.ඒ සදහා උදාහරණ ලෙස චෙන් ෂී යනු ජනපතිවරයාගේ ෂින්හුවා විශ්ව විද්‍යාල අවධියේ කාමර සගයා බව සදහන් කරති.ඔහුට පක්ෂයේ විශාල වගකීමක් පවරා තිබේ.හමුදා කටයුතු සඳහා වගකීම පවරා ඇත්තේ පැරණි මිතුරෙක් වන ෂාන් යූෂියා වෙතය. මෙලෙස පත් කරගෙන ඇති දේශපාලන මණ්ඩලය පාසලක් හා සමාන බවත් එහි විදුහල්පති ජනාධිපති ෂී ජින් පින් බවත් පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment