චීන ජනපති කොංග්‍රස් සංවත්සරයට පෙර හිටපු රාජ්‍ය නිලධාරීන් දඩයම් කරන බවට චෝදනා

233

චීන ජාතික ක්‍රොන්ග්‍රසයේ 20වැනි සංවත්සරය ආසන්න වෙද්දී සිය අධිකාරී බලය තහවුරු කර ගැනීමට චීන ජනපති ෂී ජින් පින් මහතා අල්ලස් ගැනීමේ චෝදනා එල්ල කරමින් හිටපු චීන රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඒ අනුව ඉකුත් සැප්තැම්බර් මස 23වැනිදා හිටපු මහජන ආරක්ෂක උප ඇමැතිවරයා යුවාන් මිලියන 646ක් අල්ලස් ලබාගෙන ඇති බවට චෝදනා කරමින් මරණ දඬුවම නියම කර තිබේ. එසේම ඔහුගේ සියලුම පෞද්ගලික දේපල රාජසන්තක කිරීමට ද තීරණය කර ඇත. චීන ජාතික ක්‍රොන්ග්‍රසයේ සංවත්සරය ඔක්තෝබර් මස 16සිට 18වැනිදා තෙක් බීජිං නුවරදී පැවැත්වේ.ඒ වෙනුවෙන් දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි හොංකොං පෝස්ට් මාධ්‍ය සඳහන් කරයි.මෙම ආරක්ෂක වැඩ පිළිවෙල යටතේ බස් රථ සහ දුම්රිය නිතර පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇතැයි ද පවසයි. එසේම චීන කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරීන් නවාතැන් ගෙන සිටින හෝටල් සහ තානායම් ද පොලිසිය නිතර පරීක්ෂාවට ලක් කරන බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment