චීන ජනාධිපතිගේ තෙවැනි ධුර කාලයේ විදේශ ප්‍රතිපත්තිය දේශපාලන විචාරකයෝ විමසති

162

සිය තෙවැනි ධුර කාලය සදහාද බලයට පත් චීන ජනාධිපති ෂි ජින් පින් මහතා සිය විදේශ ප්‍රතිපත්තිය පැහැදිලි කළ යුතු යැයි දේශපාලන විචාරකයෝ පවසති.ජනාධිපතිවරයා සිය තෙවැනි කාල ධුරය තුළ ගෝලීය මිත්‍රත්වය සදහා එක් විය යුතු යැයි ඔවුහු සදහන් කරති.සාමය සහ විවෘතභාවය බීජීං හි විදේශ ප්‍රතිපත්තිය විය යුතු යැයි ද ඔවුහු පවසති.කොමියුනිස්ට් පක්ෂයේ අසහාය නායකයා ලෙස සිය තෙවැනි ධුර කාලය සදහාද බලයට පත් වූ ෂී ජින් පින් මහතා මෙතෙක් කථා කළේ ජනතාව වඩාත් ප්‍රිය කරන දේ සදහා සහ යුද්ධය ප්‍රකාශ කිරීමට යැයි පවසන දේශපාලන විචාරකයෝ සිය තෙවැනි ධුර කාලය තුළ චීනය ගෝලීයව විවෘත කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද පවසති. එසේම රටේ අනාගතය සදහා උපාය මාර්ගික සැලසුම් සකස් කළ යුත්තේ ජාතික කැමැත්ත අනුව මිස අභ්‍යන්තර දේශපාලනය අනුව නොවන බව ද සදහන් කරති.චීනය සිය එක මගක් නැමැති සේද මාවත සදහා ජාත්‍යන්තර ප්‍රජාවටද ආරාධනා කළ යුතු බව ද පවසති.චීන ජනාධිපතිවරයා සිය තෙවැනි ධුර කාලය සදහාද පත්වීමෙන් පසු කොමියුනිස්ට් පක්ෂය අමතා කළ කථාවේදී විශාල චිත්‍රයක් පෙන්නුම් කළ ද චීනය තනි මගක් ඔස්සේ ජාත්‍යන්තරකරණය වන්නේ කෙසේදැයි පැහැදිලි කළ යුතු බව ද සදහන් කරති. එසේම චීනයේ සිය මූලික ජාතික ප්‍රතිපත්ති ලෝකයට විවෘත කළ යුතු බව ද දේශපාලන විචාරකයෝ වැඩි දුරටත් සඳහන් කරති.

advertistmentadvertistment
advertistmentadvertistment