චීන, ජර්මන් වෙළෙඳ සබඳතා දෙදරයි!

389

ජර්මනියේ නව ආර්ථික උපාය මාර්ග නිසා චීනය ජර්මනිය සමග පවත්වන ආර්ථික සබඳතාවලින් ඈත්වීමට තීරණය කර ඇත.

ජර්මනිය සහ චීනය අතර 1970 වසරේ සිට වසර 52 ක් පුරා ආර්ථික සබඳතා පවතී.

ජර්මනියේ නව චාන්සල් ධුරයට පත්වූ ඔලාෆ් ෂොල්ස් චීනයට එරෙහි දේශපාලන ගමන් මගකට යොමුවී තිබීම නිසා චීනය මෙලෙස ජර්මනියෙන් ඈත්වන්නට හේතුවී ඇත.

චීනය රුසියාව විසින් යුක්රේනයට එරෙහිව යුද වැදීම සහ කොවිඩ් ප්‍රතිපත්ති නිසා ජර්මන් රජය චීනයට එරෙහිව කටයුතු කිරීමට හේතුවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ජර්මනියේ නව චාන්ස්ලර්වරයා චීනයෙන් ඈත්ව වෙනත් වෙළෙඳ සබඳතා සඳහා යොමුවීමට කටයුතු කරන බවත් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment