චීන ජාතික දිනයට එරෙහිව උද්ඝෝෂනයක්

228

චීන 73වැනි ජාතික දින උළෙලට එරෙහිව තුර්කි උයිගර් වැසියෝ එරට චීන කොන්සල් කාර්යාල අසල උද්ඝෝෂණයක නිරත ඇත. මේ ආරම්භ වී ඇත්තේ විරැකියා, කුසගින්න සහ අමානුෂික අපරාධ යුගය ලෙසත් ජනතාවගේ මානව අයිතිවාසිකම් ඉන් කඩවන බවත් උද්ඝෝෂණයේ නිරත පිරිස සදහන් කළහ.උයිගර් කාන්තාවන්, දරුවන් සහ වැඩිහිටියන් සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් දහසකට අධික පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජන සංහාර සිදුකිරීම නවතනු,තම සමීපතමයන් නිදහස් කරනු, කුසගින්න නැති කරනු ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂකයින් චීන ජනපති ෂී ජින් පින් මහතාට විරෝධය පළ කර තිබේ.චීන කඳවුරු වල සිටින තම ඥාතීන්ගේ ඡායාරූප ද ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂකයෝ වහාම ඔවුන් නිදහස් කරන ලෙසත් ඔවුන් ගැන තොරතුරු හෙළි කරන ලෙසත් ඉල්ලා සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment