චීන තානාපතිගේ සංචාරයෙන් පසු උතුරේ රෝ තරවෙයි

424

චීන තානාපති කුසි යෙන් හොන්සෝගේ උතුරු සංචාරයෙන් පසු ඉන්දීය රෝ බුද්ධි සේවාව උතුරේ සිටින සිය රෝ කණ්ඩායම වැඩි කර තිබේ. යාපනයට කිලෝ මීටර් 20ක් දුරින් පිහිටි චාවාකච්චේරියේ චයිනා කමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගමේ කාර්යාලයක් ස්ථාපිත කිරීම ගැන රෝ බුද්ධි සේවාව දැඩි අවධානය යොමු කර තිබුණි. එසේම චීන මහජන හමුදාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුද චීන තානාපති සම`ග උතුරේ සංචාරයට එක් වී තිබීම ගැනද ඉන්දීය රෝ බුද්ධි සේවාවේ නිරීක්‍ෂණයට ලක් වී ඇත.

මේ අතර උතුරේ දූපත්වල ඉදිකිරීමට යෝජිත හයිබ‍්‍රිඞ් සුළංජනක විදුලි බලාගාර තුන වහාම මාලදිවයිනේ තනා කොදෙව් දූපතේ ඉදිකිරීමට චීනය තීරණය කර ඇත.

මෙම සුළං බලාගාර ඉදිකිරීමට යෝජිත උතුරේ දූපත්වල සිට ඉන්දියාවේ දකුණුදිග තීරයට ඇත්තේ සුළු දුරක් නිසා ආරක්‍ෂක හේතූන් මත ඉන්දීය රජය ඊට විරෝධය පා තිබේ.

ඉන්දීය රෝ ඔත්තුකරුවන් මෙරට සිටින බවට මුලින්ම නිල වශයෙන් හෙළි වූයේ පාස්කු ප‍්‍රහාරයත් සම`ගය. මේ අතර චීන තානාපති උතුරට පැමිණීම ගැන ද්‍රවිඩ සංධාන මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ දැඩි විරෝධය එල්ල වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment