චීන තානාපති රාජතාන්ත්‍රික ආචාරධර්ම කඩකරලා – ඉන්දීය මහ කොමසාරිස්ගෙන් චෝදනා

169

ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපතිවරයා මූලික රාජතාන්ත්‍රික ආචාරධර්ම කඩ කර ඇති බව බවට කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය චෝදනා කරයි.

“චීන තානාපතිවරයාගේ ප්‍රකාශය ගැන අප අවධානය යොමු කර ඇත්තෙමු. තානාපතිවරයා මූලික රාජතාන්ත්‍රික ආචාර විධි උල්ලංඝනය කිරීම ඔහුගේ පුද්ගලික ලක්ෂණයක් හෝ ජාතික ආකල්පයක් පිළිබිඹු කිරීමක් විය හැකි” යැයි මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වේ.

“ශ්‍රී ලංකාවේ උතුරු අසල්වැසියා පිළිබඳ ඔහුගේ දැක්ම  ඔහුගේම රට හැසිරෙන ආකාරය අනුව පැහැදිලි වේ. නමුත් අප පැහැදිලිව කිව හැකියි එය ඔහු කියන ආකාරයට වඩා බෙහෙවින් වෙනස් බව. ඔහු විසින් කියනු ලබන විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාවක සංචාරයට භූ දේශපාලනික සන්දර්භයක් ආරෝපණය කිරීම ප්‍රතිලාභයක්” යැයි එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ සහාය මිස වෙනත් රටක න්‍යාය පත්‍රයට සේවය කිරීම සඳහා අනවශ්‍ය බලපෑම් නොවන බව ද එහි සඳහන්ව ඇත.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙම ට්විටර් පණිවුඩය නිකුත් කර ඇත්තේ චීන තානාපති කාර්යාලය විසින් යුවාන් වැන්ග් නෞකාව පිළිබඳව නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩයකට පිළිතුරු වශයෙනි.

චතුර පමුණුව

 

advertistmentadvertistment
advertistmentadvertistment