චීන නව වසර සැමරීමේ උත්සවයේදී ඇමරිකාවේ වෙඩි ප්‍රහාරයක් 10 ක් මියයති

287

චීන නව වසර සැමරීම වෙනුවෙන් ඇමරිකාවේ කැලිෆෝර්නියාවේ පැවැති උත්සවයකදී වෙඩි ප්‍රහාරයකින් දස දෙනෙකු මියගොස් ඇත.

දින දෙකක් පුරා පැවැත්වෙන මෙම උත්සවය සඳහා සෑම වසරකම දහස් ගණනින් සහභාගි වෙති.

මොන්ටරි පාර්ක්හි පැවැති මේ උත්සවයේදී 16 දෙනෙකුට වෙඩි වැදී ඇති අතර දස දෙනෙකු මරුමුවට පත්ව තිබේ.

ප්‍රහාරකයන් මෙතෙක් හඳුනාගෙන නැත.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment