චීන නැව ගැන ඉන්දියාවේ කනස්සල්ල

267


චීන ඔත්තු නෞකාවට හම්බන්තොට නැංගුරම් ලෑමට ශ්‍රී ලංකා රජය ඉඩ දීම ඉන්දු-ලංකා සබඳතා අනතුරේ යැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන පර්යේෂණ යාත්‍රාව පිළිබඳ ගැටලුව ඉන්දියාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම චීන ඔත්තුකාර නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් නවදිල්ලිය සිය කනස්සල්ල පැහැදිලිව පෙන්වා දී තිබියදීත් කොළඹ ආරක්ෂක අමාත්‍යාංශය නෞකාවේ පැමිණීම තහවුරු කිරීම ගැන ඉන්දියාව කනස්සල්ල පළ කර ඇති බවද එරට මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත් ඉන්දියාව විසින් ඉහළම මට්ටමින් මතුකර ඇති කාරණය සම්බන්ධයෙන් කොළඹ ඉන්දීය දූත මණ්ඩලය හෝ ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය හෝ නිල ප්‍රකාශ නිකුත් කර නොමැත.
‘යුවාන් වැන්ග් 5 නම් චීන යාත්‍රාව පැමිණීම පිළිබඳව ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය මුලින් කිසිඳු තොරතුරක් ලබාදීම ප්‍රතික්ෂේප කළ නමුත් පසුව එම ප්‍රතික්ෂේප කිරීම ඉල්ලා අස්කර ගනිමින් නෞකාව ඉන්ධන පිරවීම සඳහා හම්බන්තොට වරායේ නැව්ගත කිරීමට අවසර දුන් බව ප්‍රකාශ කළ බවද ඉන්දීය මාධ්‍ය පවසයි.
අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා නිරීක්ෂණ කටයුතුවල නිරත චීන යාත්‍රාව අගෝස්තු 11 සිට 17 දක්වා චීනය විසින් ඉදිකරන ලද හම්බන්තොට වරායේ නැව්ගත කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment