චීන නැව පිළිබඳ  ඉන්දීය-චීන අමනාපය  සමහන් කර ගැනීමට  ලංකාව අපේක්‍ෂාවෙන්

167

අගෝස්තු 11 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත යු වෑන් 5 නමැති තාකෂණික තොරතුරු එකතු කරන චීනයට අයත් නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව තුළ හටගෙන ඇති නොමනාපයේ අහිතකර බලපෑම ශ්‍රී ලංකාව මත පතිත වීම අවම කර ගැනීම සඳහා එම රටවල් දෙක අතර අන්‍යොන්‍ය විසඳුමක් ඇතිවනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරනු ඇති බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම නැව හම්බන්තොට වරායට පැමිණීමට නියමිත අතර එය එම වරායේ නැංගුරම් දැමීමට වරාය අධිකාරිය සහ ආරක්ෂක අමාත්‍යාංශයත් විදේශ අමාත්‍යාංශයත් අවසර දී තිබේ. මෙම අවසරය ප්‍රදානය කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවීමට පෙරය.

ඉහත සඳහන් චීන නැව මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ බලවත් නොසන්සුන්තාවයක් හටගෙන ඇත. යු ආන් වෑන් 5 ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉතා පරෙස්සම් සහගත ලෙස තොරතුරු අධ්‍යයනය කිරීමෙහි නිරත වන බව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි පසුගියදා පැවසීය.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment