චීන නැව මුහුදු සැතපුම් 650 ක් ඈතින්

149

චීන යුවාන් වැන්ග්-5 නෞකාව ඊයේ (11 දා) හම්බන්තොට වරායට පැමිණෙන බවට ප්‍රකාශ වුවත් ඊයේ (11 දා) දහවල් වන විටත් එම නැව මුහුදු සැතපුම් 650ක දුරකින් පවතින බව වාර්තාවී තිබිණි.

එම නැව හම්බන්තොට වරායට පැමිණීමට ඊයේ (11 දා) දහවල් පිටත් වුවහොත් එය හම්බන්තොට වරායට පැමිණීමට දින දෙකක්වත් ගතවන බව හෙළිකර ගෙන තිබේ.

ඊයේ (11 දා) දහවල් වන විටත් නැව ගමන් කිරීමකින් තොරව මුහුදු සැතපුම් 650ක පමණ දුරින් පැවැති බවත් නැව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ වරාය අධිකාරිය කටයුතු කරන බවත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීය.

චීන යුවාන් වැන්ග්-5 නැව ඊයේ (11 දා) දිනයේදී හම්බන්තොට වරායට පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණත් එම නැවේ පැමිණීම ප්‍රමාද කරන ලෙස රජය මෙරට චීන තානාපතිවරයාගෙන් ඉල්ලා තිබුණි. මීට අමතරව හම්බන්තොට වරායේ පාලනාධිකාරියද නැව සම්බන්ධයෙන් අද (12 දා) ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව සිටින බවද දැනගන්නට ලැබුණි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment