චීන නැව හිසරදයක් වෙයි! – චීන තානාපති සාකච්ඡාවක් ඉල්ලයි

250

යුවාන් වැන්ග් 5 නෞකාවේ ලංකා ගමන පිළිබඳව ඇතිව තිබෙන මතභේදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට වහාම සාකච්ඡාවක් ලබාදෙන ලෙස මෙරට චීන තානාපති කාර්යාලය රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ලබන 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව ඇති මෙම නැවේ ගමන කල් දමන ලෙස විදේශ අමාත්‍යාංශය මගින් මීට දින කිහිපයකට පෙර චීනයට දන්වා තිබිණි.

මෙම නෞකාවේ ලංකා ගමන පිළිබඳ ඉන්දියන් ආණ්ඩුව විරෝධය පළකිරීම නිසා මෙරට රජය අපහසුතාවයට පත්ව සිටින අතර මෙම ගමන වෙනස් කරන ලෙස ලංකා ආණ්ඩුව දැනුම් දුන්නේ පසුගිය 05 වැනිදාය.

මෙම නැවේ ලංකා ගමනට ශ්‍රී ලංකා බලධාරීන් අවසර ලබාදී තිබුණේ ජූලි 12 වැනිදාය. ඒ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව පැවති සමයේදීය.

ඉන්දියානු ආණ්ඩුව පවසන්නේ මෙය චීන හමුදාවට අයත් ඔත්තු බැලීමේ යාත්‍රාවක් බවයි.

ඉන්දු – චීන බල අරගලය නිසා ශ්‍රී ලංකා ආණ්ඩුවත් අර්බුදයට ලක්ව සිටී.

2014 දී චීන සබ්මැරීන දෙකක් කොළඹ වරායට පැමිණීමෙන් පසු ඉන්දීය ආණ්ඩුව එවක පැවැති රාජපක්‍ෂ ආණ්ඩුවට සිය බලවත් විරෝධය දක්වා තිබිණි.

චතුර පමුණුව

 

advertistmentadvertistment
advertistmentadvertistment