චීන නිරීක්‍ෂණ නැව නැවත ඉන්දියන් සාගරයට

188

චීන නිරීක්ෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 නැවත ඉන්දීය සාගරයට පැමිණ තිබේ.

දෙසැම්බර් 15-16 අතර සැලසුම්ගත ඉන්දීය දිගුදුර මිසයිල අත්හදා බැලීමකට සමගාමීව මෙම චීන නැව ඉන්දියන් සාගරයට ඇතුළු වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය කියයි. ‘යුවාන් වැන්ග් 5’ පසුගිය දෙසැම්බර් 4 වැනිදා සවස ඉන්දුනීසියාවෙන් ඔබ්බෙන් වූ සුන්ඩා සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇත. පසුගිය අගෝස්තු මාසයේදී මෙම නැව හම්බන්තොට වරායට පැමිණීම හේතුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇති විය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment